IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නිල ඇඳුම් වවුචරය ප්‍රශ්න ගොඩක්ලු‘

ගුරුවරුන්ට වැඩ අධික සමයේ පාසල් නිල ඇඳුම් වවුචර් බෙදීමද පැවරීමෙන් ළමයින්ගේ වාර විභාග හරි හැටි පැවැත්වීමට නොහැකිවීමෙන් ළමුන්ට අසාධාරණයක් විය හැකි බවත් මෙම වවුචර් නිකුත් කිරීමට පෙර බොහෝ ලියවිලි සැකසීමට සිදුවන බවත් ලංකා ගුරු සේවා සංගමය කියයි.

එම වවුචර් මුදල්ද ගුරු වැටුප් ද පාසලේ එකම ගිණුමට බැර කිරීමෙන් ඇතැම්විට වැටුප් ගැනීමේදී ප්‍රශ්න මතුවිය හැකි බවත් සංගමය පවසයි.

web_2015123guru6



අදහස් (0)

‘නිල ඇඳුම් වවුචරය ප්‍රශ්න ගොඩක්ලු‘

ජීවන් Thursday, 03 December 2015 11:15 AM

ඕගොල්ලෝ හැමදාම නෙගටිව් පොරවල්නේ (බ)

:       0       0

රත්නායක Thursday, 03 December 2015 11:31 AM

පොසිටිව් එක දන්නවනේ මෙයාලා.... (ර)

:       0       0

චන්ද්‍රා Thursday, 03 December 2015 11:54 AM

ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් සිටින විදුහල්වල විදුහල්පතිවරුනට වවුචර් අත්සන් කරන්න දවස් ගණනාවක් වෙන කිසිම වැඩක් නොකර එක දිගට වැඩ කරන්න වෙනවා. (ර)

:       0       0

සරත් Thursday, 03 December 2015 12:55 PM

නිල ඇඳුම් ලබදෙනවිට, ඇදුම් රැගෙන එම, නියමිත ප්‍රමාණයට කොටස් කිරීම, ගබඩා කිරීම, එකී නොකී දහසක් දේවල්. නමුත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය නියමිත ප්‍රමාණයට සිසුන් අතර මුදල් බෙදා දීම. (ර)

:       0       0

සිල්වා Friday, 04 December 2015 12:15 PM

මේ වැඩේ බොහොම අක්ක්‍රමවත් අවුල් සහගත වැඩක් මම පාසල් දෙකකට ගියා පාසලක් හැම ගුරුවරයෙක්ම අපහසුතාවට ලක් උණා. පරණ ක්‍රමය නැවතත් පන ගන්වන ලෙස බලාදරින්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා. පන්තිභාර ගුරුවරයාට දෙමුපියන් සමග දරුවන්ගේ අඩුපාඩු කතා කිරීමට කිසිම ඉඩක් නැත මොකද මේ වැඩේ වෙනුවෙන් සම්පුර්න කාලය යොමු කිරීම නිසා. (ර)

:       0       0

කල්ප Thursday, 03 December 2015 03:17 PM

මේගොල්ලෝ 2001-2002 ත් මේ වගේ කරලා රෙදි එපා කළා (නි)

:       0       0

විජේසිංහ එම්.හරිස්චන්ද්‍ර Thursday, 03 December 2015 03:49 PM

වවුචර් වල මුදල් ගුරු වැටුප් ගිණුමට බැරකරන්නේ නැහැ. මෙම වවුචරය කඩිනමින් දුන් එකත් ලොකු දෙයක්. මෙම ක්‍රමය සාර්ථකයි. කඩිනමින් සිදුවුණ නිසා විදුහල්පතිවරුන්ට කාර්යබහුල බව ඇත්ත. ඊළග වසරේදී එම ගැටලුව විස‍ඳෙයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 03 December 2015 11:38 PM

ජනතාවගේ සංවර්ධනය සඳහා නව සොයාගැනීමක් නොකළ, අලුත් පර්යේෂණ නොකරන ජාතිය වවුචර බෙදයිද? (නි)

:       0       0

පෙරේරා Thursday, 03 December 2015 11:48 PM

චන්ද්‍ර, ඕකට තමයි බලය පැවරීම කියන්නේ. අනික අත්සන් 1000, 2000 ගහන එක මහා කජ්ජක්ද? ඕකට දවස් ගානක් යන්නේ නැහැ. වැඩ කිරීමට අකමැති, හැමදේටම පස්සට අදින රජයේ සේවකයෝ ඉන්න රටක් තමයි ලංකාව. මමත් හිටපු රජයේ සේවකයෙක්. (නි)

:       0       0

රාධා Saturday, 05 December 2015 02:14 PM

මේ ක්‍රමය ඉතා හොඳයි. පන්තියක ඉන්නේ 40 කට අඩු සිසුන් පිරිසක්. ගුරුවරුන්ට මේ සඳහා කැපකිරීමට කාලය වැඩියෙන් ගතවන්නේ නැහැ. ළමයින්ට හොඳ රෙද්දක් ගැනීමට පුළුවන්. දෙමව්පියන්ගේ යුතුකම වනුයේ නියමිත ප්‍රමිතියට ඇඳුම් සකසා ගැනීමයි. රෙදි ගබඩා කිරීම, ප්‍රවාහනය වෙනුවෙන් වැයවන මුදල අවම වේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site