IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිලූකට පුහුණුකරුවකුගේ සහය නොලැබුණා කියන කතාව බොරුවක් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ප‍්‍රධානියා කියයි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්නට පෝලන්ත පුහුණුකරුගේ සේවය උපරිමයෙන් ලැබුණ බවත්, ඉන්දිය ක‍්‍රීඩකයා සමග පැවැති තරගයේදී අඩුවක් වුයේ පෝලන්ත පුහුණුකරුට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයාගේ පුහුණුකරු අසුනේ වාඩිවී සිටීමට නොහැකිවීම පමණක් බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා කොළඹ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පැවසීය. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප් පරුපල්ලි හමුවේ නිලූක, වට 2/1 කින් පරාජය ලැබීය. ඉන්දිය ක‍්‍රීඩකයා තරගය අතරතුර පුහුණුකරුගෙන් උපදෙස් ලබද්දී නිලූක, පුහුණුකරුවකු නොමැතිව තනිව සටනක් ලබාදුන් ආකාරය මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වැඩි දෙනකුගේ අවධානයට යොමු වු පුවතක් විය. පුහුණුකරුවකුගේ සහයෝගය තිබුණේ නම් තරගය ජය ගැනීමට නිලූකට වැඩි අවස්ථාවක් උදාවී තිබුණු බව මේ සම්බන්‍ධයෙන් මත පළ කරන බොහෝ දෙනාගේ අදහස විය. පෝලන්තයේ බැඞ්මින්ටන් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ නිර්දේශිත ප‍්‍රවීණ පුහුණුකරුවකු වන කොරියානු ජාතික කිම් යන්ග් මැන් මහතාය. නිලූක, ඔලිම්පික් උළෙලට මාස කිහිපයකට පෙර ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවුයේ කිම් යන්ග් මහතාගේ උපදෙස් ලබා ගැනීම සඳහාය. කිම් යන්ග් මහතා ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වු පෝලන්ත බැඞ්මින්ටන් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම නිසා එහිදී නිලූක සහභාගි වු තරගවලදී පුහුණුකරු ලෙස ළඟ සිට උපදෙස් ලබාදීමේ හැකියාවක් ඔහුට නොමැති වු බව බස්නායක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. ‘‘අප උත්සහ කළේ ඔහුට හොඳම පුහුණුකරු ලබා දෙන්න. ක‍්‍රීඩා උළෙලේදී නිලූක පුහුණුවන අවස්ථාවල යන්ග් මහතා ක‍්‍රීඩා සංකීර්ණයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ සම්බන්‍ධව ඡුායාරූප පවා අප සතුව තිබෙනවා. නිලූකට පුහුණුකරුවකුගේ සහය නොලැබුණා කියන කතාව බොරුවක් යැයි ද’’ බස්නායක මහතා පැවසීය. නිලූක තරග වදින අවස්ථාවේදී කළමනාකරු රොහාන් ද සිල්වා මහතා සමග පුහුණුකරු වෙනුවෙන් බස්නායක මහතා ඔහු අසළින් සිටීම මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්විය. ‘‘පෝලන්ත පුහුණුකරුගේ සේවය සැමවිටම නිලූකට ලැබුණා. ඉන්දිය ක‍්‍රීඩකයා සමග පැවැති තරගයේදී පෝලන්ත බැඞ්මින්ටන් කණ්ඩායමේ පුහුණුකරු බැවින් කිම් යන්ග් මහතාට නිලූකගේ පුහුණුකරු ලෙස තරගවදින අවස්ථා වලදී ඔහුට උපදෙස් දීමට අවස්ථාව නැහැ. යන්ග් මහතා ඒ වන විටත් පේ‍්‍රක්‍ෂකාගාරයේ සිටියා. පුහුණුකරු ලෙස නොව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ප‍්‍රධානියා වු නිසා නිලධාරියකු ලෙස එම අවස්ථාවේදී කළමනාකරු ළඟ මමත් සිටියා. නිලූක ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ආසන්න වෙමින් සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ලෙස තමන් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කළ බවත් එය අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ප‍්‍රධානියාට ලැබෙන අවස්ථාවක් බව ද ඔහු පැවසීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සිය පියා (ලූවී කරුණාරත්න මහතා) පුහුණුකරු ලෙස ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලූ නිලූකට එම අවස්ථාව අහිමි වුයේ සංගමයේ වරදින් නොවන බවද ඔහු පෙන්වා දෙයි. ‘‘නිලූක ඉල්ලීම් දෙකක් අපට ඉදිරිපත් කළා. කළමනාකරු ලෙස තමන්ට අනුග‍්‍රහය දැක් වු රොහාන් ද සිල්වා මහතාත්, පුහුණුකරු ලෙස ලූවී කරුණාරත්න මහතාත් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීම් දෙකයි. බැඞ්මින්ටන් සංගමයේ විධායක කමිටුවේ එකඟත්වයෙන් ඔවුන් දෙදෙනාගේ නම් අනුමැතියට ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලබා දුන්නා. එකම ප‍්‍රතිපත්තියක ක‍්‍රියා කළ නිසා ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමිවුයේ කළමනාකරුට පමණක් යැයි ’’ ද බස්නායක මහතා පැවසීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නිමාවීමත් සමග මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ ප‍්‍රබෝධයක් ඇතිව තිබෙන බවත්, එහි ගෞරවය නිලූකට හිමිවිය යුතු බවත් හෙතෙම පැවසීය. මෙම ප‍්‍රබෝධය හමුවේ ජාත්‍යන්තර බැඞ්මින්ටන් සංගමයේ දායකත්වයෙන් දිවයින පුරා පාසල් 2000 ක පමණ බැඞ්මින්ටන් ක‍්‍රීඩාව නඟා සිටුවීමේ වැඩසටහනක් ඉදිරියේදී බැඞ්මින්ටන් සංගමය ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂාවෙන් සිටියි. මෙරට බැඞ්මින්ටන් පුහුණුකරුවන් ඉදිරියට ගෙන එමින් එළැඹෙන දකුණු අසියානු ක‍්‍රීඩා උළෙලේදී ඉන්දියාව පරාජය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවත් බැඞ්මින්ටන් සංගමය අවධාරණය කරයි. ඔලිම්පික් තරගාවලියේ 16 දෙනාගේ වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා හමුවේ නිලූක පරාජය වීමෙන් පසුව.....



අදහස් (0)

නිලූකට පුහුණුකරුවකුගේ සහය නොලැබුණා කියන කතාව බොරුවක් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ප‍්‍රධානියා කියයි

කුමාර Wednesday, 15 August 2012 09:43 AM

ඔන්න දැන් ගැලවෙන්න බොරු කතා කියනවා (දී)

:       0       0

ජනක Wednesday, 15 August 2012 10:46 AM

කොණ්ඩේ බැදපු අයට කිව්වනම් තමයි හොඳ ?.(ස)

:       0       0

ගුණරත්න Tuesday, 14 August 2012 10:16 PM

ඒකට කමක් නෑ මහතතයෝ නිලධාරීන් 30ක් ගියානේ.. ඒ ලෝක වාර්තාව මදිද?(නු)

:       0       0

රොබට් Wednesday, 15 August 2012 08:11 PM

පෝලන්ත නිල පුහුණුකරු කොහොමද ලංකාවෙ නිලූකට උපදෙස් දෙන්නෙ? ඔලිම්පික්වලට ඉස්සෙල්ලා පෝලන්ත පුහුණුකරුගෙ පුහුණු කඳවුරකට ගියේ විශේෂ උපදෙස් ගන්න තමයි. ඒත් තරග තියෙනකොට අතරමගදි මේ පුහුණුකරු හමුවෙන්න ඇති. ඒවල ෆොටෝ තිබ්බා කියලා කොහොමද කියන්නෙ සියලුම උපදෙස් ලැබුණා කියලා? අනිත් එක ඉතින් තරගෙ අතරතුර ඕනෙම නම් ලංකාවෙ පුහුණුකරුට ෆෝන් එකෙන් කතා කරලා උපදෙස් ගන්නත් පුලුවන්නෙ.‍ අනික ක්‍රීඩකයන් හතකට නිලදාරින් තිහක් මොකටද? අනිත් එක ලංකාවේ වැඩිම දස්කම් දක්වපු නිලූකට පුහුණුකරුවකුත් ගෙනියන්න අවසර නැහැ. (නි)

:       0       0

දිනූෂා Wednesday, 15 August 2012 01:36 AM

කැමරාවට මූණ දා ගත්තනේ..ඒ මදැයි‍‍‍..(ස)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 08:02 AM

මේ ඔක්කොම තේරුමක් නැති කතා විතරයි. (නි)

:       0       0

සිසිර කුමාර Wednesday, 15 August 2012 08:41 AM

නිදහසට කරුණු කියන එක නිළධාරීන්ගේ හැටිනේ..ඕවා කතාකරලා වැඩක් නෑ....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site