IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘නිරෝෂා පෙරේරා පට්ට සීතලේ ජපානයේ කන්දක දුවලා’’

rtyigh

 

 

හිම මිදෙන සීතල
ජපානයේ නීගතාව
දුහුල් ගවුමක් ඇඳගත්තු නූපා අර කිව්ව නීගතාවෙ කන්දක් පාමුල හිටගෙන ඉන්නවා. ඊළඟ මොහොතේ නූපා මේ කන්ද දුවන්න පටන් ගත්තා. ඒත් නූපා දාගෙන ඉන්න බූට් සපත්තු දෙක හිරයි. ඒ දෙක දාගෙන නූපාට කන්ද නගින්න බැහැ.
ඔයාට වෙන සපත්තු දෙකක් දෙන්නම්. මේක දාල බලන්න.
කවුරු හරි එක්කෙනෙක් නූපාට කිව්වා.
නූපා ඒ සපත්තු දෙක දාලා බැලූවා... ඒක බුරුල් ඒ සපත්තු දාලා කොහොමටවත් දුවන්න බැහැ.
‘‘මං සපත්තු නැතුවම දුවන්නම්’’
නූපා එහෙම කියලා සපත්තු නැතුවම කන්ද නගින්න පටන්ගත්තා. ලේසි නැහැ. ගල් බොරලූ උඩින් නූපා හරිම අපූරුවට කන්ද මුදුනටම නැග්ගා.


‘‘නියමයි නූපා... ඔයා ෂෝක් එකට කන්ද නැග්ගා. කට්ටිය කිව්වා.
 ඕකේ,  ඕ...කේ...
එහෙම කියල හිනාවුණේ නූපා.


නූපා කියන්නේ අපේ නිරෝෂා පෙරේරා
මේ සිද්ධිය මොකක්ද දන්නවද?

sdfh
2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති සියලූම සාහිත්‍ය සම්මාන උළෙලවල් තුළ විශිෂ්ටතම නවකතාව ලෙස සම්මානයට පාත‍්‍රවුණු ප‍්‍රවීණ ලේඛිකා සුමිත‍්‍රා රාහුබද්දගේ ”කන්දක් සේමා” නවකතාව ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කරන ”කන්දක් සේමා” චිත‍්‍රපටයේ රූගත කිරීම්වලින් වැඩි කොටසක් රූගත කරන්නේ සුන්දර ජපානයේ. පසුගියදා එහි මූලික අදියරේ රූපගත කිරීම් අවසන් වුණා. ඒ හිමට කළින් එළඹෙන කාලසීමාව දැක්වෙන දර්ශන කීපයක්. ඒ වුණත් බලාපොරොත්තු නොවුණු විදියට ජපානයට හිම වැටෙන කාලය එළැඹුන නිසා නැවතත් ජනවාරි මාසයේ ජපානයේ රූගත කිරීම් ඇරඹෙනවා.


ශ්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයන්ට අලූත් අත්දැකීම්
රැුසක් එක්කරන්නට සමත්වන ”කන්දක් සේමා” චිත‍්‍රපටයේ අපට බොහෝම සමීප ජපන් රටේ කෙනෙකු රංගනයෙන් එක්වනවා. ඒ තමයි අපේ පේ‍්‍රක්ෂකයන්ගේ මතකයෙන් කවරදාකවත් බැහැර නොවන ”ඔෂින්” ටෙලිනාට්‍යයේ ”පුංචි ඔෂින්” ගේ චරිතය රඟපෑ ප‍්‍රවීණ නිළි කොබයාෂි අයාතෝ ඇය තමයි ”කන්දක් සේමා” චිත‍්‍රපටයේ සෝරා සන්ගේ චරිතයට පණ පොවන්නේ. කොබයාෂිට මේ වන විට වයස අවුරුදු 42 ක්. කොබයාෂි, ”සෝරා සන්” ගේ භූමිකාව කොයිතරම් අපූරුවට වැළඳගත්තාද කියනවා නම් අපේ නිෂ්පාදන කණ්ඩායම ඇයගෙන් ඔෂින් ගැන විමසුවාම ඇය කියා තියෙන්නේ ”මම දැන් ඔෂින් නෙමෙයි, සෝරා සන්. අපි සෝරා ගැන විතරක් කතා කරමු” කියලා.


කන්දක් සේමා චිත‍්‍රපටයේ තිර රචනය කළ සුමිත‍්‍රා රාහුබද්ද කිව්වා.
ලාබාල වියේදී මේ ජීවිතයේ විවිධ අභියෝග
රැසකට මුහුණ දෙන ”කන්දක් සේමා” නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ”නූපා” ලෙස මන බඳිනා රංගනයෙන් දායක වන්නේ ජනපි‍්‍රය නිළි නිරෝෂා පෙරේරා රූගත කිරීම්වල දී බොහෝ දුෂ්කරතාවයන්ට පත්වෙලා තියෙන්නේ නිරෝෂා කියලත් ආරංචියි.


නූපා විවාහ කරගන්න ජපන් ජාතිකයා වන ”මසායා” ගේ චරිතය රඟ දක්වන්නේ ජපානයේ ප‍්‍රවීණ රංගන ශිල්පියකු වන ජුන් එකෝ චිත‍්‍රපටය රූගත කිරීම්වලදී ඔහුගෙන් ලැබුණු දායකත්වය, කැපවීම් ඉහළයි කියා දැනෙන්නේ මසායාගේ නිවසේ දර්ශන රූගත කරන්න සතියකට විතර කළින්ම ඔහු ඒ නිවසේ පදිංචියට ගිහින් තිබුණු නිසා. ඒ ගැන විමසුවාම ඔහු පවසා තිබෙන්නේ ඒ චරිතයට අනුගත වෙන්න නම් ඒ නිවසේම ටික දවසක් ජීවත්විය යුතු බවයි.
චිත‍්‍රපටයේ වැඩකටයුතු සඳහා අපේ රටින් ගිය කණ්ඩායම 14 ක් පමණ වුණත් ජපානයේ ශිල්පීන්, ශිල්පිනියන් 40 ක පමණ කණ්ඩායමක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. රටවල් 2 ක්, භාෂා 2 ක් වුණාම පුංචි පුංචි මතවාද ගොඩනැගුණාට ඒ අත්දැකීම් නම් හරිම සුන්දරයි කියා පැවසුවේ ”කන්දක් සේමා” නවකතාවේ හිමිකාරිය වගේම තිර රචනයෙන් දායකත්වය ලබාදෙන ප‍්‍රවීණ ලේඛිකා සුමිත‍්‍රා රාහුබද්ධ.


”කන්දක් සේමා” නවකතාවේ බොහෝම අපූරුවට කතාබහට ලක්වන ”පෙම්බරා” චරිතයක් ලෙසින් චිත‍්‍රපටයේ ගොඩනැගෙනවා. ”පෙම්බරා” ලෙසින් රඟපාන්නේ නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දිනෙත් ද සිල්වා, දර්ශන තලයේ දී ජපන් ජාතික බාල, මහළු, වැඩිහිටි කාන්තාවන්ගේ ආදරයට පාත‍්‍රවෙලා තියෙන්නේ  නම් දිනෙත්. ජපානයේ උදවියගෙන් මේ තරම් ආදරයක් ලැබුණා නම් චිත‍්‍රපටය ලංකාවේ තිරගත වනකොට දිනෙත්ට කොහොම ආදරයක් ලැබෙයි ද කියලා නිෂ්පාදන කණ්ඩායම කතා වුණාලූ. චිත‍්‍රපටයේ ප‍්‍රථම රූගත කිරීම් බොහෝමයක්ම සිදුවුණේ නීගතා නගරයෙයි, යහිකෝ දුම්රිය පොළෙයි, ටෝකියෝ දුම්රිය පොළෙයි. මෙහිදී එක් දර්ශනයක් තිබිලා තියෙනවා දුම්රිය ඇතුළත දර්ශනයක්. ඒ නිසා නිෂ්පාදන කණ්ඩායම දුම්රිය මැදිරියක් වෙන්කරගෙන දර්ශන රූගත කිරීම් ආරම්භ කරලා. මේ අවස්ථාවට ඒ මැදිරියේ ඉන්න පුළුවන් නිරෝෂාටයි (නූපා) තව දෙන්නෙකුයි පමණයි. ඒත් හදිසියේම මහළු ජපන් ජාතිකයෙක් මේ මැදිරියට ගොඩවෙලා. ඉතින් නිෂ්පාදක කණ්ඩායම ඔහුට කාරණය පැහැදිලි කරලා වෙනත් මැදිරියකට යන්න කිව්වත් ඔහු එය පිළිගෙන නැහැ. ඔහු තමන්ට කැමැති තැනක යන්න පුළුවන් කියා දිගින් දිගටම වාද කරලා. අන්තිමේදී ඔහුට වැඳලා කියලත් ගිහින් නැති නිසා රූගත කිරීම් ආරම්භ කරද්දීම සහාය අධ්‍යක්ෂවරයා ඔහුව ඔසවාගෙන වෙනත් මැදිරියකට ගිහින් තියලා තමයි රූගත කිරීම් කරලා තියෙන්නේ.


ඉතාමත් සුන්දර අත්දැකීම් රැුසක් සමග ඇරඹෙන ”කන්දක් සේමා” චිත‍්‍රපටය ජපානයේ ”මූවි මැජික්” ආයතනය හා එක්වෙමින් ජපානයෙත් ප‍්‍රදර්ශනය කරන්න කටයුතු සැලසුම් කරලත් තියෙනවා. එහිදී රේඛීය නිෂ්පාදනයෙන් දායකවන්නේ ”සිංජි ෆුජිමාරා” කන්දක් සේමා තිර පිටපත ජපන් බසට පරිවර්තනය කළේ කනො මිතමුරා විසින්.


නිරෝෂා පෙරේරාට, ජුන් එතෝට, කොබයාෂි අයාතෝට අමතරව බිමල් ජයකොඩි, කෞශල්‍යා ප‍්‍රනාන්දු, වසන්ත කොටුවැල්ල, වීණා ජයකොඩි, සිරිල් වික‍්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, පි‍්‍රයංකර රත්නායක, නිලන්ති හීන්දෙණිය ඇතුළු ප‍්‍රවීණ නළු නිළියන් රැුසක් රංගනයෙන් දායක වෙනවා.

 

M


 

 



අදහස් (0)

‘‘නිරෝෂා පෙරේරා පට්ට සීතලේ ජපානයේ කන්දක දුවලා’’

චන්ද්‍රසිරි Sunday, 04 January 2015 12:41 AM

මෙම කතාවේ හැටියට මෙම චරිතයට නිරෝෂා නොගැලපේ. (බ)

:       0       0

සෙව්වන්දි Saturday, 10 January 2015 01:18 PM

නිරෝෂා මේකට ගැලපෙන්නේ නැහැ. කොච්චර ලස්සන නිළියෝ ඉන්නවද ලංකාවේ. මෙයාට රඟ පාන්න බැහැ. බලමු ඉතින් කොහොමද කියලා. (නදී)

:       0       0

සෑම් Wednesday, 07 January 2015 09:28 AM

නිරෝෂා පෙරේරාට මම මේ දකින්නේ කාලෙකින්. එයා මේ චරිතයට හරියන්න කෙට්ටු වෙලාද? කොහොමත් එයා මේ චරිතයට ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

තනුෂ් Friday, 08 May 2015 03:21 AM

නිරෝෂා නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. (අ)

:       0       0

සිල්වෙර් Wednesday, 07 January 2015 10:30 AM

ඔව් ඇත්ත තමයි. දුක්විඳපු පවුලක කෙනෙක්, දුක්විඳින කෙනෙක් වගේ නැහැ. එහෙත් නිරෝෂාගේ රඟපෑම් නම් නියමයි. ඇය දක්ෂ නිළියක්. (නි)

:       0       0

සඳමාලි Tuesday, 06 January 2015 04:46 PM

මේ කතාව කියවනවිට සිතේ ඇඳුන රූපයට ඇය කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. නමුත් ඇගේ රඟපෑම් කොහොම වෙයිද දන්නේ නැහැ.අලුත්ම මුහුණක් යොදා ගත්තා නම් හොඳයි (නි)

:       0       0

ජෝන් Thursday, 08 January 2015 10:59 AM

ඉස්සර මේ කෙල්ල හරි ලස්සනයි , මාත් අසයි , එත් දැන්නම් ඒ වගේ නැහැ , මොකද වෙලා තියෙන්නේ , ලෙඩක් වත් තියෙනවද ..එහෙම දෙයක් නම් සුව වෙන්න කියල ප්‍රාර්ථනය කරනවා . (ස)

:       0       0

රුවන් Thursday, 29 January 2015 01:38 PM

නිරෝෂා නම් මේ වැඩේට හරිම නැහැ. (නදී)

:       0       0

තිලක් Monday, 20 July 2015 11:15 AM

නිරෝෂා නියම නිළියක් තමයි (ම)

:       0       0

ධම්මික රාජපක්ෂ Monday, 08 June 2015 09:55 AM

නිරෝෂා නියම නිළියක් තමයි (නදී)

:       0       0

තරිඳු Friday, 24 April 2015 01:54 AM

නිරෝෂා කියන්නේ ඉතා දක්ෂ කෙනෙක් (නි)

:       0       0

නදී Thursday, 08 January 2015 03:31 AM

හරිම ආශාවෙන් ඉන්නෙ 'කන්දක් සේමා' බලන්න. දක්ෂ නිෂ්පාදන කණ්ඩායමක් චිත්‍රපටයට දායකවන නිසා සාර්ථක වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site