IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නෝර්වේ අගමැති ගජබා චරිතය රඟපායි

ඡන්දදායකයන්ගේ ප්‍රශ්නවලට රහසින් සොයා බැලීම සඳහා සවස්වරුවේ කුලී රථ රියදුරකු සේ වැඩ කිරිමට නෝර්වේ අගමැති යෙන්ස් ස්ටොට්මන් තීරණය කරයි.

මිනිසුන්ගේ ජන ජීවිතය ගැන සැබෑ  තොරතුරු දැනගැනීමට කුලී රිය හොඳ තැනක් බව අගමැති කියයි.

කුලී රියදුරු ඇඳුමකින් සැරැසී ලොකු අව් කණ්නාඩි පැළැද ගැනීමෙන් තමා කවුදැයි හඳුනාගත නොහැකි වන සේ එහි ගමන් කරන්නන් සමඟ කතා බහ කිරීම අගමැතිගේ උත්සාහයයි.

රියේ ගමන් කරන අය හා අගමැති අතර අදහස් හුවමාරුව වීඩීයෝ ගත කරන අතර තමා කවුදැයි අගමැති මඟීනට පවසනුයේ ගමනාන්තයේදීය.

ලබන සැප්තැම්බරයේ මහ මැතිවරණයටද  ඔහුගේ මේ උපක්‍රමය උපකාරී වෙතියි කියති.

නෝර්වේ ඇගමැති වසර අටකින් වාහනයක් පදවා නැත.ඡන්දයෙන්ද ඔහු පසුපසින් සිටී.

ගජබා රජතුමාද රටවැසියන්ගේ දුක් ගැනවිලි සොයා බැලීමට වෙස් වළාගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ .



අදහස් (0)

නෝර්වේ අගමැති ගජබා චරිතය රඟපායි

දිලීප Tuesday, 13 August 2013 12:04 PM

අපේ පාලකයන්ට ගොඩක් වැඩ තියනවනේ ජනතාව ගැන හොයන්ට කාලය නෑ, එනිසා ඔඋන්ට සමාව දෙමු (දී)

:       0       0

රනේ Tuesday, 13 August 2013 12:17 PM

කරන්න කලින් කිව්වේ මොකටද දැන් ඉතින් සන් ග්ලාස් දාපු ටැක්සි ඩ්‍රයිවර කෙනෙක් දැකපු ගමන් කන්න නැ රස්සාවල් නැ කියල අදෝනා තියන්න ගනී (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 August 2013 12:17 PM

ලංකාවේ ගියා නම් ඇමතිලට ගෞරවය දිනා ගන්න තිබ්බා

:       0       0

විජේ Tuesday, 13 August 2013 12:20 PM

ඔන්න ආදර්ශෙට ගන්න. (දී)

:       0       0

වරුණ Tuesday, 13 August 2013 12:24 PM

ජනතා සේවයට කැප උන අපේ නායකයන් වැඩි හරියක් යන්නේ උඩින් නේ (දී)

:       0       0

අර්ෂා Tuesday, 13 August 2013 12:29 PM

මෙන්න නියම වැඩ..... (දී)

:       0       0

සෑම් Tuesday, 13 August 2013 12:34 PM

මෙන්න නායකයෝ. අපිට ඉන්නේ රට ගසාගෙන කන අයනේ .

:       0       0

ද සිල්වා Tuesday, 13 August 2013 12:45 PM

අපේ පාලකයෝ ඕව කරන්න ගියොත් , මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙන්නේ , ජීවිතෙත් අනතුරේ ලබනපාර චන්දෙට ඉදිරිපත් වෙන්න වෙනේ , භාර්යාවට හෝ පුතාට (දී)

:       0       0

සත්‍යපාල Tuesday, 13 August 2013 01:12 PM

නෝර්වේ කට්ටිය ලෝකය පුරාම කරේ දෙබිඩි චරිත රගපාන එකම තමා. (ස)

:       0       0

ඉෂාර Tuesday, 13 August 2013 01:39 PM

මෙහෙ කළා නම්, පළවෙනි රවුම ටැක්සියේ, දෙවනි එක සුදු වෑන් එකේ. (අ)

:       0       0

දිසානායක Tuesday, 13 August 2013 02:10 PM

බොහෝ යුරෝපා රටවල මැති ඇමති වරු වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ජනතාව සමග බසයේ හෝ දුම්රියේ.අපේ රට වල වගේ දැඩි ආරක්ෂාව උවමනා නැහැ.මොකද මේ අය ජනතා දේ පොළ සුරා කන්නේ ,කොමිස් ගහන්නේ ,වෙනත් නීති විරෝධී කටයුතු කරන්නේ නැති නිසා ඔවුන්ට බියක් නැහැ.අනතුරක් නැහැ.අපේ නායකයන්ගේ වගේ උද්ධච්ච කම් නැහැ.මොකද මේ අය උගත් නිසා. (දී)

:       0       0

දිසානායක Tuesday, 13 August 2013 02:10 PM

බොහෝ යුරෝපා රටවල මැති ඇමති වරු වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ජනතාව සමග බසයේ හෝ දුම්රියේ.අපේ රට වල වගේ දැඩි ආරක්ෂාව උවමනා නැහැ.මොකද මේ අය ජනතා දේ පොළ සුරා කන්නේ ,කොමිස් ගහන්නේ ,වෙනත් නීති විරෝධී කටයුතු කරන්නේ නැති නිසා ඔවුන්ට බියක් නැහැ.අනතුරක් නැහැ.අපේ නායකයන්ගේ වගේ උද්ධච්ච කම් නැහැ.මොකද මේ අය උගත් නිසා. (දී)

:       0       0

දිසානායක Tuesday, 13 August 2013 02:10 PM

බොහෝ යුරෝපා රටවල මැති ඇමති වරු වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ජනතාව සමග බසයේ හෝ දුම්රියේ.අපේ රට වල වගේ දැඩි ආරක්ෂාව උවමනා නැහැ.මොකද මේ අය ජනතා දේ පොළ සුරා කන්නේ ,කොමිස් ගහන්නේ ,වෙනත් නීති විරෝධී කටයුතු කරන්නේ නැති නිසා ඔවුන්ට බියක් නැහැ.අනතුරක් නැහැ.අපේ නායකයන්ගේ වගේ උද්ධච්ච කම් නැහැ.මොකද මේ අය උගත් නිසා. (දී)

:       0       0

රනිල් Tuesday, 13 August 2013 02:23 PM

ඕව චන්ද ගුණ්ඩු ,.ජනප්‍රිය වෙලා චන්ද දාගන්නයි (දී)

:       0       0

ලලිත් Tuesday, 13 August 2013 05:55 PM

මේක දැකලා අපේ අයත් පිටුපස පැත්තේ "අපි ඔක්කොම රජවරු" කියලා එහෙම ගහගෙන ත්‍රීවීල් එකක්වත් එළවාගෙන යද්දී, රාළහාමි කෙනෙක් අතදාලා නැවැත්තුවොත් හරිම ජංජාලයක් වේවි (නි)

:       0       0

රංජිත් Tuesday, 13 August 2013 11:51 AM

අපේ අගමැතිගේ කට පැටලෙනවා, කෙලින්ම අහු වේවි. (ස)

:       0       0

ශෙහාන් Tuesday, 13 August 2013 06:00 PM

ලංකාවෙ නම් මිනිස්සුන්ට අසු නොවී බර කරත්තයකින්වත් යන්න වෙන්නේ නැහැ . පෙරගමන් රථ, අශ්වාරෝහක හමුදාව, වන්දිභට්ටයෝ, වීශේෂ ආරක්ෂක බලකාය ආදී සියලුම දෙනාත් වටේට යනවනේ. (නි)

:       0       0

සමිත් Tuesday, 13 August 2013 11:58 AM

හොද ක්‍රමයක් තමයි මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site