දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන නරියාකන්ද (ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 21 වැනිදා දියතලාවේදී පැවැත්වේ.
යුද හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා පැවැත්වීම සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා ගැනීමේ අරමුදලට ආධාර පිණිස 1993 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ.
වන ගහණයෙන් යුත් පරිසරයක අන්තර්ජාතික මට්ටමින් ඉදි කර ඇති නරියා කන්ද ධාවන පථයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර දෙකකි. පේ‍්‍රක්‍ෂකයන්ට එකම ස්ථානයක සිට ධාවන පථය සම්පුර්ණයෙන්ම නැරඹීමට හැකිවන පරිදි මෙම ධාවන පථය සකස් කර තිබීම මෙම ධාවන පථයේ විශේෂත්වයවේ.
පේ‍්‍රක්‍ෂකයන් 100,000 කට වැඩි පිරිසකට තරගය නැරඹීමට හැකි වීම මෙම ධාවන පථයේ තවත් විශේෂත්වයකි. මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරු පැදි ඉසව් 14 ක් ඇතුළත් වේ. ඒ සඳහා ධාවකයෝ 175 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති.
මෝටර් රථ ඉසව්වන්ගෙන් කාගේත් අවධානය දිනා ගන්නා ඉසව්ව වන්නේ සුපර් කාර් ඉසව්වයි. ෆොක්ස්හිල් ධාවන පථයේ 10 වරක් දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසට මෙවර ද පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්‍ෂතම ධාවකයා වු පසිඳු පීරිස් ගෙන් අභියෝගයක් විය හැකිය.
අශාන් සිල්වා, දිනේෂ් දෙහෙරගොඩ, රියාස් ෆාරොක්, ජනක ඩයස් මෙන්ම ප‍්‍රදීප් ජයවර්ධන ද සුපර් කාර් ඉසව්වේ නම ගිය ධාවකයෝ වෙති.
මෝටර්ක්‍රොස් යතුරු පැදි ශුර ගයාන් සඳරුවන් රේසිං 125 සී.සී සහ 250 සී.සී ඉසව් නියෝජනය කරයි. ගයාන්ට අභියෝගයක් වෙමින් ඉන්දීය යතුරු පැදි ධාවකයෝ ද මෙවර තරගාවලියට සහභාගිවෙති. ෂෙහාන් සී. අධිකාරී යොවුන් යතුරුපැදි ධාවකයා ද පසුගිය වසරේ ෆොක්සිල් ධාවන පථයේ දස්කම් අතර සිටියේය.
ප‍්‍රවීණ තරගකරුවකු වන ආනන්ද වෙඩිසිංහ 1994 සිට 1999 දක්වා ශූරතා දිනා නරියා කන්ද ධාවන පථයේ විශිෂ්ට වාර්තාවක් තැබූ මෝටර් ක්‍රොස් ධාවකයෙකි.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ (2012) තෙවැනි තරගාවලිය මෙය වේ. 20 වැනි සංවත්සරය නිමිත්තෙන් තරගාවලිය නැරැඹීමට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයන්ට විනෝද විය හැකි අංග රැසක් ද එදින පැවැත්වේ.
මේ පිළිබඳ වැඩි විස්තර 0112769734 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී