IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිර්මල නැති නිසා නිර්මල දේශපාලනයෙන් යයි

හිටපු ඇමැති නිර්මල කොතලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (12) ප්‍රකාශ කළේය.

තමාට වත්මන් දේශපාලන තත්ත්වය ගැන කලකිරීමක් ඇති බවත් හෘද සාක්කියට එකඟව තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය නොහැකි බවත් කොතලාවල මහතා පවසයි.

මෙවර මැතිවරණයට තරග කිරීමට හෝ ජාතික ලැයිස්තුවෙන් පවා පැමිණීමට තමාට හැකියාව තිබුණද එයට එකඟ නොවන බවත් නිර්මල කොතලාවල මහතා කීවේය.

ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 



අදහස් (0)

නිර්මල නැති නිසා නිර්මල දේශපාලනයෙන් යයි

සමීර Sunday, 12 July 2015 03:42 PM

හරි කෙළින් මනුස්සයෙක්. මට මතකයි එක දවසක් රිය අනතුරක් වෙලාවේ ඇවිල්ලා අසරණ මිනිසෙකුට නාගොඩදී උදව් කළා. දැන් ඡන්දෙ දෙන්න නිර්මල නැහැ (නි)

:       0       0

නීල් Monday, 13 July 2015 11:15 AM

ඔබ ගැන හරිම ආඩම්බරයි . සැබවින්ම ඔබ නිමල බව ඔප්පුවෙනවා .මේ දේශපාලනය මහත්වරුන්ට හරියන්නේ නැහැ.ඔබට ජය පතනවා (බ)

:       0       0

කළණි Monday, 13 July 2015 11:18 AM

මම ඔබට ගෞරව කරන පාඨකයෙක්. දේශපාලනයට ඔබ අවංක සහ හොඳ වැඩියි.ඔබේ කලා හැකියාව තුලින් ලෝකයට හරවත් සේවයක් කරන්න පුළුවන්. සුබ පැතුම් (බ)

:       0       0

අශෝක Sunday, 12 July 2015 04:13 PM

ඔබ වැනි මහත්මා ගති ඇති නිහතමානී පුද්ගලයන් තමයි අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු .රටේ අවාසනාවට අනවශ්‍ය අය රැදිලා හොද අය ගෙදර යනවා (බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙයි කියල මෙතුමාට දැනිල ) (බ)

:       0       0

උදිත් Sunday, 12 July 2015 04:58 PM

හම්බ කර ගත්තා ඇති වෙන්න ඇති.(නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Sunday, 12 July 2015 06:53 PM

ඔබ ගැන ආඩම්බරයි මහත්මයා. සමහරුන්ට මේක තේරෙන්නේ නැතිකම තමයි අවාසනාව.පේනවනේ බල තණ්හාව ඔලුවට ගහපුවාම වෙනදේ.. (නි)

:       0       0

සනූදීන් Sunday, 12 July 2015 07:03 PM

නිහතමානී දේශපාලකයෙක්. මේ වගේ අය රටට අත්‍යවශ්‍යයි (නි)

:       0       0

ජයරත්න Sunday, 12 July 2015 11:43 PM

මම ඔබේ තීරු ලිපි කියවන පාඨකයෙක් වශයෙන් මට හිතුන දෙයක් තමයි දැන උගත් මහත්මා ගති පැවතුම් ඇති ඔබට මේ දේශපාලන ක්‍රමය ගැලපෙන්නෙ නෑ කියල. හැබැයි එතකොට මේ රටට වෙන්නෙ මොනවද. එතකොට අපේ අනාගත දරුවන්ට මොකද වෙන්නෙ. කොහොම වුණත් මම ඔබට සුබ පතනවා. (නදී)

:       0       0

යසිරු Monday, 13 July 2015 01:37 AM

දැන් ඔබතුමා විවේක ගන්න (නි)

:       0       0

අශේන් Sunday, 12 July 2015 01:15 PM

නිර්මල මහතා නැත්නම් මම මගේ ඡන්දය දෙන්නෙ නැහැ කාටවත් (නි)

:       0       0

ප්‍රේම් Sunday, 12 July 2015 01:17 PM

ඔහු හොඳ දේශපාලඥයෙක් (නි)

:       0       0

අන්තෝනි Sunday, 12 July 2015 01:17 PM

ඔබතුමා වැනි අය මේ රටේ තවත් බලයේ සිටින්න ඕනෑ (නි)

:       0       0

සංජය Sunday, 12 July 2015 01:18 PM

හරිම කණගාටුයි මට (නි)

:       0       0

අජිත් Sunday, 12 July 2015 01:28 PM

අවංක දේශපාලකයෙක්. කලාතුරකින් දැකිය හැකි දෙයක් (නි)

:       0       0

ගාමිණි Monday, 13 July 2015 02:33 AM

ඇත්තටම හිතට එකඟව ගියානම් අපි ඔබට ආචාර කරන්නෙමු.(ම)

:       0       0

අංජන Sunday, 12 July 2015 01:49 PM

එපා ඔබ වගේ අය ගියොත් කළුතර දිස්ත්‍රික්කය අපට විශාල පාඩුවක් (නදී)

:       0       0

ශාන්ත Sunday, 12 July 2015 02:04 PM

වගකීමෙන් කියන්නේ. ඔහු ගිය එකට මම අවංකව ස්තූති කරනවා (නි)

:       0       0

දිලිප් Monday, 13 July 2015 04:08 AM

පක්ෂය තුල අර්බුද ඇති බව මෙයින් ගම්‍ය වෙනවා.(ම)

:       0       0

වජිර Sunday, 12 July 2015 03:17 PM

ඔබ ගත් තීරණය සැමටම ආදර්ශයක් (නි)

:       0       0

අර්ජුන රණවන Sunday, 12 July 2015 03:19 PM

ඔරුව පෙරලුන පැත්ත හොදයි කීවාලු (නදී)

:       0       0

තිළිණ Sunday, 12 July 2015 03:29 PM

ඔබතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

අයිවන් Sunday, 12 July 2015 03:29 PM

ඔබතුමා සහ රෙජිනෝල්ඩ් කුරේ මහතා ගත් තීරණය වැඩ නිවැරදියි. අද පවතින දේශපාලන සංස්කෘතිය වැදගත් මහතුන්ට කෙසේවත් නොගැළපේ. ඔබ දෙපළ සියල්ලන්ටම ආදර්ශයක්ම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site