විනෝදාංශයක් ලෙස නිරූපණය හදාරන ඇය නවෝදා දිල්රුක්ෂි එදිරිසිංහ වෙයි. කුඩා කාලයේ සිට තිබුණු නිරූපණය හීනය මේ වනවිට සැබෑ කරගෙන සිටින ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපත් සමග මෙසේ කතාබහට එක්වූවාය.
ඔබේ නම කිව්වොත්?
මගේ නම නවෝදා දිල්රුක්ෂි එදිරිසිංහ
ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?
මම ඉගෙන ගෙන අවසන්. දැනට රැකියාවක් කරන්නේ නැහැ.
එතකොට නිරූපණය කරන්නේ?
ඒක මගේ විනෝදාංශය. පොඩිකාලේ ඉඳන් තිබ්බ හීනයක්.
හීනය රැකියාවක් වෙනවට කැමැත්තක් නැද්ද?
මොකො නැත්තේ අනිවාර්යයෙන්ම කැමති.
ඒකට අවස්ථාවක් උදාවුණේ නැද්ද?
ගොඩක් අවස්ථා ලැබෙනවා. නමුත් මං බාර ගන්නෙ නැහැ. මං කැමති නැහැ රාමුවකට කොටු වෙලා නිරූපණය කරන්න.
ඒ මොකක්ද ඔයා කියන රාමුව?
මං Freelance නිරූපිකාවක්. මං ඒකාකාරී වෙන්න කැමති නැහැ.
දැන් නිරූපණයෙන් කැමති පැත්ත මොකක්ද?
මං ගොඩක් කැමති ෆොටෝ ෂූට්වලට තමයි. රෑම්ප් මොඩ්ලින්වලට එච්චරම ආසාවක් නැහැ. ගොඩක් අය මට කියන්න මං ෆොටෝ ජෙනික් කෙනෙක් කියලා.
ඉතිං නිරූපණය ගැන හදාරන්න කැමති නැද්ද?
වැඩිදුර හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
රංගනයට කැමැත්තක් නැද්ද?
අවස්ථාවන් නම් ලැබෙනවා. නමුත් බාරගන්නෙ නැහැ. මං එච්චර කැමති නැහැ.
දැනට නිරූපණයෙන් දායක වුණේ මොනා සඳහාද?
දැනට මං ගොඩක් කරලා තියෙන්නෙ බ්‍රයිඩල් සහ කන්සෙප්ට් ෆොටෝ ෂූට් පමණයි. දැනට මියුසික් වීඩියෝ දෙකක් සඳහා අරාධනාවක් මට ලැබිලා තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු කිව්වොත්?
මොඩල් ෆීල්ඩ් එකෙන් මීට වඩා ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කවුරු හරි මතක් කරන්න අය ඉන්නවාද? ඔයාට උදවු කරපු?
ඔව්, අනිවාර්යයෙන්ම මගේ පවුලේ අම්මා තාත්තා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ ස්වාමියා ලොකු සහයෝගයක් දෙනවා. මගේ ලස්සන ෆොටෝ ෂූට් කරලා මාව ඉස්සරහට ගෙනාපු සියලුම ඡායාරූප ශිල්පීන්ටත් මම ස්තූති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. මට නන් අයුරින් උදවු කරපු හැමෝටම මං මේක අවස්ථාවක් කර ගන්නවා ස්තූති කරන්න.
ඩිලාන් ක්‍රිෂාන්ත
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නිරූපණය හීනයක් වූ ඇය නවෝදා