(ඩයනා උදයංගනී)
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (30) සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරිත දිගට තරමක තද වැස්සක්