IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙයි

(අංජුල මහික වීරරත්න)

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම නිසා නරක් වූ  බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බව කෘෂි  නව්‍යකරණ අංශයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම්  දුන්හ.

මෙම බීජ අර්තාපල් තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර පෞද්ගලික  සමාගමක් ඒවා ආනයනය කර තිබේ.

යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට මෙට්‍රික් ටොන් 20ක් වන බීජ අර්තාපල් තොගය ගබඩා කර තිබිණි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10කි.

ඒ අනුව මෙම බීජ අර්තාපල් නරක් වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරාම යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව නිසා ගබඩාවට ජලය කාන්දු වීම බව ද අනාවරණය විය.



අදහස් (1)

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙයි

Senaka Friday, 29 December 2023 08:40 PM

ඒ සමාගමේ නමත් දැම්මනම් වටිනවා. ඇත්තෙන්ම ඒ වගේ මනුස්සකම් තියෙන සමාගම් අද නැතිම තරම්. ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවම වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site