නව ඖෂධ නියාමන අධිකාරි පනත ඉඟුරු දී මිරිස් ගැනීමක් යැයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ සංගමයේ සභාපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
1993 අංක 13 දරණ විලවුන් ඖෂධ සංශෝධන පනත වෙනුවට මෙම නව පනත ඇති කළද එහි විධි විධාන අනුව මෙතෙක් කලක් වෛද්‍යවරුන්ට ඖෂධ නියාමනය කිරීමට පැවරී තිබූ ඒකාධිකාරී බලය ඖෂධවේදීන් සහ ෆාමසි අතර බෙදා දී ඇත්තේ මහජනයා කබලින් ලිපට තල්ලු කරමින් බව ඒ මහතා පැවසීය.
එහි වෛද්‍යවරයාට ඖෂධ නාමයෙන් හෝ වෙළඳ නාමයෙන් ඖෂධ නිකුත් කිරීමට අවසර ලැබෙන අතර ඖෂධවේදීන්ට වෛද්‍යවරයා ඖෂධ නාමයෙන් සඳහන් කරන ඖෂධ නොමැතිනම් හෝ පාරිබෝගිකයා කැමතිනම් වෙළඳ නාමයෙන් ඖෂධ ගැනීමට ඉඩ සලසා තිබීම හා නව පනත අන්තර්ජාල පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ හෝ සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියෙන් හෝ රජයේ නීතිමය අණපනත් ඇති වෙබ් අඩවියෙහි මහ ජනතාවට බලාගැනීමට අවස්ථාවක් නැති වීමත් උපුල් රෝහණ මහතා පෙන්වා දුන් අතර ජනපතිවරයා සෞඛ්‍ය ඇමැතිව සිටි සමයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් ඖෂධ පනත මෙම නව පනතින් ක්‍රියාත්මක වන්නේ යන්න සැක සහිත බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නියාමන පනත ඉඟුරු දී මිරිස් ගත්තා වගේ‘
සමන්ති Thursday, 26 March 2015 08:51 PM
මෙතෙක්කල් මෙහෙමවත් පනතක් නොතිබූ බව නොපෙනෙන එකනේ පුදුමේ. ඖෂධ නාමයෙන් බෙහෙතක් නොමැති නම් වෙළඳ නාමයෙන් ගැනීමට ඇති අයිතිය වැරැද්දක්ද? (නි)
හිරාන් Thursday, 26 March 2015 09:48 PM
ඉස්සර ඖෂධ "සේල්ස් රෙප්ලා " දොස්තරලා පස්සෙන් යනවා. දොස්තරලා වටේ වැහිවැහැලා. දැන් පනත යටතේ ඖෂධ නම ලියන්න බැරි නිසා දොස්තරලාට පාඩුයි. දැන් ඒ "සේල්ස් රෙප්ලා"යනවා ඇත්තේ ෆාර්මසි අය පස්සේ වෙන්න ඇති. ඔය කවුරුත් මහජනයාට ආදරේ නැහැ.දොස්තරලා කීයෙන් කීදෙනාද ලෙඩ්ඩු ගැන හදවතින්ම හිතන්නේ. (නි)
සපුමල් Friday, 27 March 2015 01:52 AM
ගණන් ගන්න එපා මහත්තයෝ. ඕවා ඔහොම තමයි (නි)
දුමින්ද Thursday, 26 March 2015 10:56 AM
හැමදා ඉතිහාසය පුරාම ඔය වරද නැවත-නැවත කළා
ටිරෝන් Thursday, 26 March 2015 11:46 AM
මේ නඩය ඉන්නකම් අපිත් රටත් සදා කබලින් ලිපට තමා (ස)