IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපතිල හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරනවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන මාර්තු පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය දැනුම් දුන්නාය

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාන වල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය

මෙම නඩුකැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කොට සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් මින් ඉදිරියට නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය දැනුම් දුන්නාය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 108ක් කොළඔ දිසා අධිකරණයට ගොනු කොට ඇති අතර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කොට ඇත

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනල හිටපු අගමැති රනිල් වික්‍රමසිංහල හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුල හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරල හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නි්යෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් මෙම වන්දි නඩු ගොනු කොට ඇත

 



අදහස් (3)

නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

nanda Wednesday, 18 January 2023 12:40 PM

ස්වභාව ධර්මයේ සරදම් තමයි...?

:       0       8

SOMASUNDARAM Wednesday, 18 January 2023 01:47 PM

මේක හොඳ පාඩමක්... සියලුම පොලිස් නිලධාරීන්ටත්...

:       0       7

fairoosWednesday, 18 January 2023 02:26 PM

දැන් සැපද? නන්දෙ සර්ගේ අණ ක්‍රියාත්මක කරපු කට්ටියට සොබාදහමින් පඩිසන් ලෑබීගෙන එනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site