රුපියල් ලක්ෂ 54 ක් වටිනා මොන්ටෙරෝ රථයක් විකුණා පොරොන්දු වූ පරිදි එය මිලදී ගත් පුද්ගලයාට ලියාපදිංචි අයිතිය පවරා නොදුන් බවට චෝදනා කරමින් වෘත්තීය හා කාර්මික පුහුණු නියෝජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
2002 මාර්තු මස 22 වැනිදා තමාගේ මන්ත්‍රී පදවිය වෙනුවෙන් හිමිවන තීරුබදු සහන යටතේ ලැබුණු ඩබ්ලිව්.පී.ජී.කේ.4271 මිට්ෂුබිෂි මොන්ටේරෝ රථය දිනේෂ් රත්නායක නමැත්තකුට රුපියල් ලක්ෂ 54 කට විකුණා එහි ලියාපදිංචි අයිතිය වසර 5කින් පවරා දෙන බවට වංක ලෙස පොළඹවා වාහනය විකුණා ඇතත් වසර 5කින් එහි ලියාපදිංචි අයිතිය නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා චෝදනා නගා ඇත.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියෝජ්‍ය ඇමැති රංගේට නඩුවක්
වසන්ජය Monday, 14 December 2015 11:05 PM
බොහෝ මැති ඇමතිවරු පමණක් නොව තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසරය තිබුනු දොස්තරවරු, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඔය කොයි කවුරුත් තම තමන්ගේ වාහන විකිණු බව අපි දන්නවා (නි)
ජූඩ් Tuesday, 15 December 2015 03:26 AM
මේ ඉතින් අපේ ජනතා නියෝජිතයොනේ! (නි)
සෙනරත් Monday, 14 December 2015 02:36 PM
ඡන්දෙට කලින් කොහොමද කතාකළේ? බුදුවෙලා වගේ හිටියේ. මේක වෙන්න ඇති යහපාලනය. (නි)