(අංජුල මහික වීරරත්න)
නියඟය නිසා මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.
මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා දුන් උපදෙස් පරිදි මෙම විමර්ශනය කර තිබිණි.
ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වගා හානි ගැන සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතය.
වගාහානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරයි.
පසුගිය වසරේ වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුයේ මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බවයි. එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයේ වැඩිම වගා හානිය කුරුණෑගලට
AJITH Friday, 11 August 2023 06:18 AM
JVP ඇතුළු සියලු ගොවි සංවිධාන ගොවින් රැවටීමට ලක් කර ඇත. වී වගාව සදහා අවශ්‍ය ජලය ලබාගැනීම සම්බන්ද ගැටලුව විසදීමට රජයට බලකිරීමේ උත්සාහය JVP ඇතුළු සියලු ගොවි සංවිධාන ගොවීන්ගේ කුඹුරු වියලෙන තුරු බලාසිට දේශපාලන ලබාගැනීමට ගත උත්සහයක් බව පැහැදිලිවේ. සිදුවුයේ ගොවීන්ගේ වි වගාව වියලෙන තුරු බලාසිට අරගලය දියත් කිරීම අසාර්ථක උත්සහයක් බව ගොවින් මේ වනවිට චෝදනා කරමින් සිටි.