IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟය මස් වැද්දන්ට ඉල්ලමක්වේ

මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ජලය සොයා හම්බන්තොට පහල අන්දර වැවට   ජලය සොයා පැමිනෙන මුවන් මරා මස් කර විකිණිමේ ජාවාරමක නිරත පුද්ගලයින්
දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  හම්බනතොට වනජීවි කාර්යාලයය කියයි.
මරණ ලද මුවාගේ හිස්, මුව මස් අත්අඩංගුවට ගෙන ඇත.

460 461



අදහස් (0)

නියඟය මස් වැද්දන්ට ඉල්ලමක්වේ

ඉසුරන්දි Sunday, 20 July 2014 08:40 AM

ඔය මස් වැද්දන්වත් ඔතනම මස් කරලා වේලුවා නම් හරි. (නි)

:       0       0

පියල් Saturday, 19 July 2014 12:35 PM

හිතක් පපුවක් නැති අය ඉන්න රටක් මේක. මේ අයට විතරයි ජීවත් වෙන්න අයිති. අපි තමයි සත්තුන්ගේ වාසභූමි සොරකම් කරලා තියෙන්නේ (නදී)

:       0       0

ටිරෝන් Saturday, 19 July 2014 01:32 PM

මේ අය කරන පව් නිසා තමයි අපිටත් ඉන්න බැරි විදිහට මේ වායු තලය රත්වෙලා තියෙන්නේ (නදී)

:       0       0

ඇන්ටන් Saturday, 19 July 2014 01:49 PM

කරපු අයට මේවා පලදෙන්න ඕනේ (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 20 July 2014 10:13 AM

පිටිගල මිලානෝ අයියාගේ කතාව හරි. (නි)

:       0       0

කුමාරි Saturday, 19 July 2014 02:11 PM

පව් අහිංසක සත්තු. (නදී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 19 July 2014 02:43 PM

අැයි මේ අයට තේරුම් ගන්න බැරි අපේ වගේම ජීවිත කියල ඒ අහිංසක සත්තුන්ගේත්. මුන්ට නම් ස්වබාව දහමෙන් හරි දඬුවම් ලැබෙන්නම ඕනා (නදී)

:       0       0

පිටිගල Saturday, 19 July 2014 05:11 PM

අවුරුද්දකට දවස් 28ක නිවාඩුවට ලංකාවට ගියාම නිවාඩුවෙන් භාගයක්ම මම ඉන්නේ සිංහරාජය මායිමේ මගේ ගමේ. ගහ කොළ සතා සීපාවා තවමත් මා එක්ක කතා කරනවා. පුංචිකාලේ තාත්තගේ පස්සෙන් ගිය අඩි පාරවල් තවමත් තියෙනවා. ගඟේ වතුර බැස යන සද්දේ කුරුළු කූජනය රාහී හඬ මට සංගීතයක් වගෙයි, ගඟේ වතුර ටිකක් බීලා පලා කොළ මැල්ලුමක් ගඩා ගෙඩියක් කුරක්කන් තලප ගුලියක් කිතුල් රා ට්කක් මොන තරම් සැපක්ද? එත් අද රටේම වනාන්තර වලට . අලින්ට, සතා සීපාවාට වෙලා තියෙන දේ දැක්කම නම් හිතට දැනෙන්නේ මහා දුකක් වෛරයක්. ලෝක උරුමයේ සත්තු මරා කනවා. ගස් කපා විකුනනවා. එලි කරලා හෝටල් හදනවා. මේකද මේ ලෝක උරුමය? (නදී)

:       0       0

ලක්මාල් Sunday, 20 July 2014 04:38 AM

ලොක්කන්ට අහම්බෙන් තමයි මේවා පෙන්නේ. පිටිගල කිව්වා හරි ඔහේ විතරක් නෙමෙයි ජා-ඇල ප්‍රදේශයේ එක රෙස්ටුනර්ට් එකක මුව මස් තියනවලු කෑමට. මට මගේ මිතුරෙක් කිව්වේ එතකොට මේවා කොහොමද මෙහෙම විකුනන්නේ බය නැතුව? හරිම කනගාටුයි මෙවන් සිදුවීම් පිළිබද.(අ)

:       0       0

කුමාර් Sunday, 20 July 2014 05:53 AM

පන්සිල් පද පහ රකින්නේ නැති බෞද්ධයෝ ඉන්න ලංකාව. (නදී)

:       0       0

තරිඳු Sunday, 20 July 2014 06:13 AM

කාලකන්නි දේශපාලුවන්ගේ බලය අඩු නොකලොත් ලංකාවේ වනසතුන් කියා ජාතියක් ඉතිරි වෙන්නේ නැහැ. ඉන්පසු දේශපාලුවෝ වනාන්තර කපා ඉවත් කරයි. ඊළඟට දැඩි නියඟය ඇති වෙනවා. එයින් සාමාන්‍ය ජනතාව දුක් විඳියි. නමුත් දේශපාලුවන්ට කිසි දුකක් ලැබෙන්නේ නැහැ. ඔවුන් තව තවත් තම දීමනාවන් වැඩි කර ගනීවි. (නදී)

:       0       0

පිටිගල Saturday, 19 July 2014 09:11 AM

අත් අඩංගුවට අරන් ආපහු නිදහස් කලාම ඒ ගොල්ල කරන්නේ එ්කමයි. එ්ක තමයි ඒ අයගේ රස්සාව. මේක ලේසි වගේම හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්. සමහර ලොකු ලොක්කන්ගේ ආරක්ෂාව තියෙන හෝටල් වල මුව මස් පීරිසියක් රුපියල් 400-700 දක්වා මිලයි. හැම දාම තියෙනවා. කොලඹටත් ගේනවා. ගේන වාහන . බාන තැන්, විකුණන හෝටල්, ගැන කාටවත් පේන්නේ නැහැ. මොකද මන්දන්නේ නැහැ. මුව මස් එක්ක අඩියක් ගහන්න ඕන උනාම කොලඹ ඉඳලා පැය දෙකයි. කව්රුවත් දන්නේ නැහැ කියලා හිතන්නේ කොහොමද? රක්ෂිත ආසන්නයේ තියෙන හෝටල් වල දඩ මස් නැත්නම් ඒ හෝටලෙන් වැඩක් නැහැ. සිංහරාජයේ හෝටලයක් තියෙනවා ගෝන මස් ස්පෙෂල්. ඕවා කව්රුවත් දන්නේ නැද්ද? (නදී)

:       0       0

වසන්ති Saturday, 19 July 2014 09:49 AM

දැඩි දඬුවම් අවැසියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site