IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි


(බී. ජී. චතුරංග )
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පනතේ (නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කළ විමසීමකදී  අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමහර දේශපාලනඥයින් මාර්තු මාසයේ පනත සංශෝධනය කර දෙවතාවක්  දැනුම් දීම මත මේ ප්‍රතික්ෂේප වීම් සිදුවූවා  යැයි  සඳහන් කිරීම වැරදි ප්‍රකාශයක් බවත් එම  පළාත් පාලන පනත සංශෝධන සහිතව සම්මත වූයේ පසුගිය ආණ්ඩු සමයේ බවද පෙන්වා දුන්නේය.

තරුණ නියෝජනය පිළිබඳව එමගින් පැහැදිලිව සඳහන් කර ඇති අතර තමා විශ්වාස කරන පරිදි මැතිවරණ කොමිසම මගින් ලබා දුන් උපදෙස් මග හැරීම හේතුවෙන් මෙම චෝදනාව ඉදිරිපත් කරන බවට සිතන්නේයැයිද ඒ මහතා කීය.

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු සමයේ සම්මත කළ පනතට අනුව සිදු කරන අතර පැනවූ නීතියක් පිළිබඳව දැනුවත් නොවන බව හෝ අවබෝධයක් නොවූ බව නිදහසට කරුණක් නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.



අදහස් (4)

නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි

Silva Tuesday, 25 March 2025 02:21 PM

පෙන්ෂන් ගිහිල්ලාවත් අත්හරින්න ඉගෙනගෙන නැති කෙනෙක්...!

:       19       5

GayanWednesday, 26 March 2025 09:48 AM

ඇයි තමන් කැමැති දෙයක් pension ගිහින් කරන්න බැරිද ? අනික බලතල අනිසි විදියට භාවිතා කරල කරන දෙයක් නෙවෙයිනෙ.

:       0       0

Nandana Tuesday, 25 March 2025 06:40 PM

පන්සලකට ගිහිං යන තැනකට පින් කරගනිං

:       0       0

Sunil Jayasundera Wednesday, 26 March 2025 11:21 AM

නීති රීති හරියට කියවන් නැතුව පුරවන්න ගියාම ඔය ප්‍රශ්න එනවා. තනියෙන් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි.. දෙතුන් දෙනෙක් හොඳට කියවලා තේරුම් අරගෙන කළයුතු දෙයක් ආවාට ගියාට ඕවා පුරවන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site