IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිමේෂ් සත්සරගේ සිරුර යළි ගොඩගනී

( නිශාන්ත කුමාර )

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භුමදානයෙන් දින 21 කට පසුව  අද (23)  පෙරවරුවේ   බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා  මහතා  ඉදිරියේ ගොඩගත්තේය.

මියගිය නිමේෂ් සත්සරගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09 වන දින කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති   නඩුවකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින්  දුන් නියෝගයකට අනුව මෙම සිරුර යළි ගොඩ ගැනිණි.

 තම දරුවා ඉකුත් අප්‍රේල් මස 01 දින වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ  හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට තරුණයාගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම අවස්ථාවට  කොළඹ  ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකණ වෛද්‍ය නිලධාරීන් සහ    කරාපිටිය  සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධීකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාසයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීහුද රහස් පොලීසියේ නිලධාරීහුද එක්ව සිටියහ.



අදහස් (1)

නිමේෂ් සත්සරගේ සිරුර යළි ගොඩගනී

Jayasekara Thursday, 24 April 2025 09:19 AM

කුණුවන මළ මිනී ගොඩ ගන්නේ නැතුව... එක පාරම විධිමත් මරණ පරීක්ෂණයක් කරලා, තීන්දුවක් දීලා වලදැම්මා නම් හරිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site