IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිමල් සිරිපාලගෙන් දොඩම් දන්සලක්

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරායෙන් නිදහස් කර  නොගැනුණු කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්)  රෝහල්වලට බෙදා හැරීම සඳහා  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.

මෙසේ බාරදෙනු ලැබූ දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7කට වැඩි  බව  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ  මහරගම අපේක්ෂා රෝහල ඇතුළු  රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප‍්‍රදාන  පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

මෙම දොඩම් නොමිලේ රෝහලවලට  දෙන හෙයින්  මුදල් අමාත්‍යාංශය එම දොඩම් වලට අදාල රේගු බදු ඉවත් කර ඇත. මෙයට අමතරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ( CICT) පුද්ගලික පර්යන්තයද  අංගන ගාස්තු අය කිරීමකින් තොරව එම දොඩම් තොගය  නිදහස් කර ඇත.

නිදහස් කර නොගන්නා ආහාරද්‍රව්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් රෝගීන්ගේ පරිභෝජනය සඳහා  මෙයට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

මේ අවස්ථාවට ශ‍්‍රි ලංකා රේගුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය හ, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය  ඇතුළු ආයතන කිහිපයක නිලධාරීහුද  සහභාගි වූහ.



අදහස් (10)

නිමල් සිරිපාලගෙන් දොඩම් දන්සලක්

Bamunuarachchi Friday, 06 January 2023 12:48 PM

කාගේවත් දොඩම් තමන්ගේ වගේ ආඩම්බරෙන් බෙදනවා

:       8       30

චමින්ද Friday, 06 January 2023 02:45 PM

අයිතිකාරයෝ හිටියනම් අරගෙන යන්නෙ නැතුව වරායේ ගුදම්වවල තියෙන්නෙ මොකටද අයියා.

:       4       6

Hafeel Friday, 06 January 2023 02:21 PM

විලි ලජ්ජා ගෑවිලාවත් ඇමතිලා දෙදනක්. අනුන්ගේ වත්තෙන් හොරා කාල අම්මගේ දාන දෙන එකට සමානයි. තවත් කියනවා නම්, අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදනවා වගේ වැඩ. ලජ්ජා නැති වැඩේට උත්සවයත් තියල මාද්‍ය සංදර්ශනයත් තියල.

:       1       12

Kanthi Friday, 06 January 2023 05:07 PM

අනුන්ගේ කලිසම අගේට ඇදගෙන උගේ වගේ යනවා...

:       1       12

kamal Friday, 06 January 2023 05:10 PM

ඇපල් සුනිල්ගේ ඇපල් ඔහොම බෙදන්නෙ නැහැනේ.

:       0       8

Sisira Friday, 06 January 2023 05:30 PM

දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7ක් වන්නට පුළුවන. මෙම දොඩම් ආහාරයට ගැනීමට සුදුසුද යන්න අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළේද ? කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් වෙත ලබාදීමට තීරණය කර තෙන නිසා යම් පරීක්ෂාවක් කලේද ? නොමැතිනම් දේශපාලකයන් විසින් රෝහල් වෙත යැවීම සුදුසු බව තීරණය කලේද ?

:       1       9

LGPJ Friday, 06 January 2023 10:20 PM

Is that wonderful offer ?

:       0       0

chandima Saturday, 07 January 2023 12:42 AM

ඔන්න බලන්න පිනට දොඩම් ලැබෙන්නෙත් කොළඹ ඉස්පිරිතාල වලට විතරයි. ඒ කොළඹ ඉස්පිරිතාලවල ඉන්නේ සුපරි පන්තියේ ලෙඩ්ඩු නිසාද? නැතිනම් දොඩම් බෙදන දේශපාකයන්ට මරණ බය නිසා ගමට යන්න විදයක් නැති නිසාද?

:       1       0

ලමය Saturday, 07 January 2023 05:28 AM

මේ ඉන්නෙ කෝටි ගනන් කොමිස් ගහපු පොරවල් දෙකක්.

:       0       1

LGPJ Saturday, 07 January 2023 06:24 AM

An inferior offer by a minister.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site