IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාමල් පෙරේරාට පහර දුන් බුද්ධි අංශ කෝප්‍රල්වරු හඳුනා ගැනෙති

නිමන්ති රණසිංහ

ශ්‍රී ලංකා ජනමාධ්‍ය  විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට  පහර දී පැහැරගෙන යෑමට තැත් කළැයි සිද්ධියට අදාලව පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට  නාමල් පෙරේරා මහතා සමත් විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (වැඩබලන) චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේ පෙරට්ටුව පැවැත්විණි.

  මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩයේ සැකකාර මේජර් ඇතුළු හය දෙනා ඇතුළු 48 දෙනෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබූහ.

එහි දී දෙවැනි සැකකරු සහ තෙවැනි සැකකරු හඳුනා ගනු ලැබිණි.

ඒ අනුව දෙවැනි සැකකාර කෝප්‍රල් හේමචන්ද්‍ර පෙරේරා සහ තෙවැනි සැකකාර කෝප්‍රල් ප්‍රභාත් දුමින්ද වීරරත්න ලබන 26 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පෙරට්ටුවේදී හඳුනා නොගත් මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක සහ නිශාන්ත කුමාර යන සැකකාර කෝප්‍රල්වරු ඇප මත මුදා හරිනු ලැබූහ.



අදහස් (1)

නාමල් පෙරේරාට පහර දුන් බුද්ධි අංශ කෝප්‍රල්වරු හඳුනා ගැනෙති

sarath Wednesday, 12 April 2017 03:29 PM

බුද්ධි අංශය කියන නමටත් නිගකරන සොල්දාදුවෝ...

:       4407       3777

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site