IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිමල් ගැන ආරම්භ කළ අල්ලස් කොමිසමේ පරීක්ෂණ ලිපිගොනුව වසාදැමෙයි

(ඩයනා උදයංගනී)

ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දන්වා ඇතැයි සඳහන්ය.

එල්ල වී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කොළඹ, මාලිගාවත්ත පටුමගහි පදිංචි එස්.එම්. නිෂාන් මව්ලානා නැමැති පුද්ගලයෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත කර තිබූ ලිඛිත පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබිණි.

එහිදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තායිසේ සමාගමේ නියෝජතයින්, රාජ්‍ය නිලධාරීන්, අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු උප කොන්ත්‍රාත්කරුවන් ද කැඳවා සාක්ෂි සටහන් කරගත් බවත්, ජපන් තානාපති කාර්යාලයෙන්ද එම පරීක්ෂණ වලට අදාල කරුණු විමර්ශනය කර ඇති බවත් වාර්තා වේ.

ඉදිකිරීම් කොන්ත්‍රාකරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනාවකට ලක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන්පසු සිය ධූරයෙන් ද ඉල්ලා අස්වෙමින්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළ අතර, එහිදී සිදුකළ පරීක්ෂණවලදී හා සාක්ෂි විමසීමේ දී ද නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ කිසිදු අමාත්‍යවරයෙකු එසේ අල්ලස් ඉල්ලා නොමැති බව එම කමිටු වාර්තාවෙහි සඳහන් වී තිබිණි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා නැවත ජනාධිපතිවරයා විසින් වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලද්දේ ඉන් අනතුරුවය.



අදහස් (9)

නිමල් ගැන ආරම්භ කළ අල්ලස් කොමිසමේ පරීක්ෂණ ලිපිගොනුව වසාදැමෙයි

Hafeel Thursday, 20 October 2022 05:27 PM

දැන්ම මෙම ලිපි ගොනු අයින් කරගත්ත එක නම් හොඳයි. නැත් නම් පරීක්ෂණ කරලා, නඩු විභාග කරලා, මහජන මුදල් නාස්ති කරලා, එක්කෝ තාක්ෂණ දෝෂය නිසා කියල මෙම අල්ලස් කොමිසමම මෙම නඩුව ඉල්ලා අස්කරගනීවී. එහමත් නැත් නම් අධිකරණයෙන් දඬුවම් දුන්නත් ජනාධිපති සමාවෙන් නිදහස් වේවි. ඊටත් එහා ගියා නම්, කප්පම් ඇමතිට වගේ අත්හිටු සිර දඬුවම් ලැබේවි. ඒ නිසා මහජන මුදල් නාස්ති නොකර, මේ ගත්තු තීරණය හොඳයි. කොහොමටත් මේ රටේ නීති, රීති, දඬුවම් සේරම රටේ සාමාන්‍ය ජනතාවට තමා.

:       2       32

Demuni Uduwara Friday, 21 October 2022 04:31 AM

පුදුම වෙන්න එපා 74 හැවිරිදි ජනපතිතුමනි, අවුරුදු 60 සම්පූර්ණ වූ රජයේ සේවකයන් ගෙදර යවන්න!

:       0       3

BamunuarachchiFriday, 21 October 2022 11:37 AM

ලංකාව වැනි පුන්චි රටක් පාලනය කරන්නේ අවුරුදු 74 කෙනෙක්. ඇමරිකාව පාලනය කරන්නේ අවුරුදු 80 කෙනෙක් .ඒ ගැන මොකද කියන්නේ? කැනඩාවට කෙළවුණේ ඇයි පාලනය කොරන්නේ අවුරුදු 50ක් ගොයියෙක්.

:       1       1

Muditha Thursday, 20 October 2022 07:24 PM

දෙවියන්ට ස්තුති වේවා. මේ වගේ ජරා දේශපාලකයෝ ලංකාවේ නැහැ .

:       0       4

sisil Thursday, 20 October 2022 10:49 PM

රනිල් ඡන්ද පොරොන්දු කිව්ව වගේම ඉෂ්ට කරනවා. හැබැයි අපිට නෙවෙයි 135 ට. ඔබේ ඡන්දයේ වටිනාකම හා විපාක ඔබද හදුනාගන්න.

:       0       4

Perera Friday, 21 October 2022 12:13 AM

ජපානේ කොම්පැණියට විරුද්ධව ලිපි ගොනුවක් අරින්න.

:       0       3

Bamunuarachchi Friday, 21 October 2022 07:00 AM

අදාළ සමාගම තමන්ගෙන් අල්ලස් ඉල්ලුවා කියන එක සනාත කරන්න බැරි උනානම් චෝදනා ලැබුව උන්දා නිදහස් වෙනවා, එක පුදුම නැහැ . අදාළ සමාගම තමන්ගෙන් අල්ලස් ඉල්ලුවා කියන එක සනාත කරන්න ඉදිරිපත් නොවුයේ සමහර විට ලංකාවේ වෙන ව්‍යාපෘති ලබාගන්න බලාපොරොත්තුව ඉන්න නිසා වෙන්න පුළුවන්, නැතිනම් ඔය ලංකාවේ දේශපාලුවන්ගේ හැටි පැමිණිලි කරන්න වෙන්නෙත් හොරුනටම ඒ නිසා ඉන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියා සිතුවා නිසා වෙන්නත් ඇති. මින් අදහස් කරන්නේ අහවලා බොහොම පිරිසිදු ගොයියෙක් කියලා. අපි මොවුන්ව තඹ සතේක විස්වාසය කරන්නේ නැහැ.

:       0       7

Viraj Perera Friday, 21 October 2022 09:20 AM

ජපනුන්ට වැරදිලා, අපේ රටේ මෙහෙම පාගා ඉල්ලයිද.?

:       0       8

sharm warn Friday, 21 October 2022 10:08 AM

කාවද මේ රවටන්නේ.?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site