මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳැවීය.
පොදු විපක්ෂය ප්‍රකාශයට පත් කළ ඡායා කැබිනට්ටුවේ විදේශ ඇමැති ලෙස සඳහන් වූයේ ද ඔහු ය.
පසුගිය රජය සමයේ සිදු වු මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (11) එහි කැඳවනු ලැබීය.
මේ අතර හිටපු ඇමැති කුමාර වෙල්ගමද ප්‍රශ්න කිරීම සඳහා එෆ්සීඅයිඩියට කැඳවා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාමල්, ගෝඨා, වෙල්ගම එෆ්සීඅයිඩියට
සිරි Monday, 11 July 2016 07:40 AM
මේ ආණ්ඩුවට රාජපක්ෂයි, ඒකාබද්ධයයි නැත්නම් ඇත්තටම පැවැත්මක් නැහැ. මෙහෙමත් වෛරී පාලනයක් මුළු ලෝකෙවත් නැතුව ඇති. අහෝ රටකට ගිය කලක්! (නි)
පසන් Monday, 11 July 2016 11:56 AM
එකතු කරපුවදේ ගැන සොයා දඩුවන් කරනු . එදා දෙමව්පියන්ගේ ගෞරවය ගැන සිතුවා නම් ඔහොම වෙන්නේ නැත .තවත් කීප දෙනෙක් ඉන්නවා නේද? (ම)
ඉෂාක් Monday, 11 July 2016 08:55 AM
කවදාවත් දඬුවම් නම් ලැබෙන්නේ නැහැ. (ම)
චානක Monday, 11 July 2016 05:43 AM
මහජන මුදල් සතයක් හරි ගසාකෑවා නම් ඒක වැරදියි (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 11 July 2016 05:57 AM
ලංකාවේ හැටියට මහජන මුදල් රුපියල් කෝටි දහසකට වඩා ගසා කෑවා නම් ඒක වැරදියි (ම)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 11 July 2016 05:57 AM
නාමල්ගේ ඩුබායි රටේ ගිණුම් 9 ගැන පරීක්ෂණය කරලා දැඩි දඩුවම් දෙන්නේ කවදද? (ම)
තිසරි Monday, 11 July 2016 05:59 AM
වරදක් කරලා නැත්නම් ඉතින බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 11 July 2016 05:56 AM
මම පුදුම වෙන්නේ සමහරු තවමත් එළියේ සැපවිඳින එක ගැනයි. (නි)
සුසිල් Monday, 11 July 2016 06:03 AM
එයාලට මේවා සාමාන්‍ය දේවල් වෙලා දැන් (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 11 July 2016 06:00 AM
රටේ අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා දැඩි දඬුවම් දෙන්න ඕනෑ නැහැ. හරිහමන් නීතියක් රීතියක් තිබෙනවා නම් රුපියල් කෝටි ප්‍රකෝටි වලින් ගසාකාලා ලෝකයේ බැංකු පුරවපු මුදල් රාජසන්තක කළා නම් ඒ මුදල් හොඳටම ප්‍රමාණවත්. කොහෙද ඉතින්? (නි)
ප්‍රේමලාල් Monday, 11 July 2016 06:00 AM
සිය පාරක් මේවා ගානේ බඩගෑවත් මොකද, කෝටි ගානක වාහන පර්මිට් හම්බ වෙනකොට. මේවා දකින්න අපි ඇයි ඉපදුනේ? (නි)
ප්‍රගීත් Monday, 11 July 2016 06:13 AM
මට පුදුම කිසිම ලැජ්ජාවක් හෝ බයක් නැතුව කොහොමද මෙයාලා මගඩි වැඩ කරන්නේ කියන එක. අඩුගානේ දෙමව්පියන්ගේ ගෞරවය ගැන හිතෙන්නේවත් නැද්ද මන්දා? (නි)
ඇසළ Monday, 11 July 2016 06:20 AM
මහා බැංකුවේ ගැහිල්ලටත් වැඩිය මේ ගැහිල්ල ලොකුද දන්නෙ නැහැ. එ්කනේ නොනවත්වා පරීක්ෂණ. (නි)
සචිනි Monday, 11 July 2016 06:23 AM
මේවා මොනවද? මන්ත්‍රීලා සේරටම ඩියුටි ෆ්‍රී වාහන. අපිට වැට් වැඩිකරලා. මේ සූරගෙන කන්නේ දුප්පත් මිනිසුන්ගේ ලේ දහදිය කදුළු. ඕවා ලබන ආත්මෙදි හරි ගෙවන්න වෙනවා. (නි)
උපේක Monday, 11 July 2016 06:28 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
අනුලා Monday, 11 July 2016 06:25 AM
දුප්පත් මිනිහා හූරගෙන කන මන්ත්‍රී වාහන පර්මිට් වලට විරුද්ධව උසාවි යන්න කෙනෙක් නැද්ද? (නි)
සුමුදු Monday, 11 July 2016 06:27 AM
හැම පක්ෂයකම අඩුපාඩු තියෙන අය ඉන්නවා. ප්‍රධාන පක්ෂ දෙකේත් හොරු තක්කඩි ඉන්නවා. (නි)
සරත් Monday, 11 July 2016 06:32 AM
මේවා ඇද ඇද ඉන්නේ නැතුව දඬුවම් දෙනවා නම් ඉක්මණින් දෙන්න (නි)
චන්ද්‍රලතා Monday, 11 July 2016 06:35 AM
ජනතාව අසරණයි. දැනුවත් ජනතාව මේවාට තරයේ විරුද්ධ වුණත් ජනතාවගේ හඬ යන්නේ නැහැ. (නි)
ධනසිරි Monday, 11 July 2016 06:32 AM
රටේ මිනිසුන්ට බදු පිට බදු ගහලා දැඩි දඬුවම් දෙන්න ඕනෑ (ම)
ගාමිණි Monday, 11 July 2016 06:53 AM
මොවුන් දඬුවම් ලබන්නම ඕනෑ (නි)