IMG-LOGO

නාමල් එෆ්සීඅයිඩියට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද උදේ කැඳවා තිබුණත් ඔහු නියමිත වේලාවට නොපැමිණි බව එහි ආරංචි කියයි.

නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් නීතීඥ සමාගම ගැන තොරතුරු දැන ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇත.

එම සමාගමේ ගනුදෙනු කිහිපයක් ගැන ප්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සූදානමින් සිටි බව ද වාර්තා වේ.

ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිස්සංක සේනාධිපතිගෙන් පසුගිය මැයි 31 වැනි දා ප්‍රශ්න කර ලබා ගත් තොරතුරක් මත නාමල් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

නිස්සංක සේනාධිපති ගවර්ස් නීතීඥ සමාගමට රුපියල් ලක්ෂ 220ක් දෙන ලදැයි කියති. එය ගවර්ස් සමාගමට දුන් පෞද්ගලික ණයක් බව සේනාධිපති කියා ඇතත් එවැනි මුදලක් නීත්‍යනුකූල ආකාරයෙන් ලබා දී ඇත්දැයි සොයා බලන බව එෆ්සීඅයිඩී ආරංචි කියයි.



අදහස් (0)

නාමල් එෆ්සීඅයිඩියට කැඳවයි

චානක Tuesday, 28 June 2016 08:11 AM

ඉස්සරහට මොනවා වේවිද? (නි)

:       0       0

රත්නසිරි Tuesday, 28 June 2016 09:42 AM

මැතිවරණ වේදිකා වල කියපු හොර කම් ගැන නොවයි හොයන්නේ ඒ කියන්නේ බොරු කියලා තියෙන්නේ දැන් කරන්නේ එක බොරුවක් වහ ගන්න බොරු දහයක් ගොතන එක නේද ?(හේ)

:       0       0

අතුල Tuesday, 28 June 2016 10:51 AM

හැමදාම යනවා එනවා.(හේ)

:       0       0

පද්මිණි Tuesday, 28 June 2016 11:19 AM

චින්නුන්ගෙන් කොණ්ඩයක් ඉල්ලාගෙන එන්න හිතෙනවා බැඳගන්න. අනේ! කෝටි 2 ක් ලියකියවිලි නැතුව දීලා? (නි)

:       0       0

සෝමපාල Wednesday, 29 June 2016 03:49 AM

ඒකයි මේ හදිස්සියේ නවලෝක රෝහලට ඇතුල්කළා කියන්නේ (බ)

:       0       0

ධනසිරි Wednesday, 29 June 2016 04:12 AM

බය වෙන්න දෙයක් නෑ තනියට ගම්මන්පිලත් ඉන්නවනේ , (ම)

:       0       0

ලියනගේ රාමනායක Wednesday, 29 June 2016 04:45 AM

මේ වැඩ පිළිබඳව හිටපු ජනාධිපතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය හැර මුළු රටම දන්නවා. එසේ වුවත් අධිකරණයට මේවා සළකා බලන්න වෙන්නේ නීතියට අනුව වීම නිසා කටමැත දොඩවමින් හොරු සුදනෝ වෙන්න හදනවා. අධිකරණයට අමතරව දෙවියොත් ඉන්න බව හොරුන්ට අමතක වුණාට අපට නම් අමතක කරන්න පුළුවන් කමක් නොමැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site