(ලක්මි කුඩලිගම)
නෑබඩ මහා විදුහලේ පරිගණක විද්‍යාගාරයේ සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍ර තුන පෙරේදා (11) ඉරිදා රාත්‍රී හොරු විසින් ගලවාගෙන ගොස් ඇතැයි තෙබුවන පොලිසිය පවසයි.
පාසලේ මුරකරුවෙකු සිටියත් ඔහු සතියෙ දින හයම මුර සේවයේ සිට ඉරිදා උදෑසන 6:00 ට සේවය අවසන් කොට ගොස් ඇත.
මෙම වායු සමීකරණ යන්ත්‍ර ඉරිදා (11) දින රාත්‍රියේ ගලවාගෙන ගොස් ඇති බවට විදුහල්පතිවරයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විදුහලට පැමිණි විදුහල්පතිවරයා ඊයේ (12) උදෑසන විදුහල අවට පරීක්ෂා කිරීමේදී මෙම සිදුවීම දැක ඇති අතර ඒ අනුව වායු සමීකරණ යන්ත්‍ර නැතිවීම සම්බන්ධයෙන් තෙඹුවන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
වායු සමීකරණ ගලවා ඇති අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නෑබඩ මහා විදුහලේ AC තුනම උස්සලා