IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නේපාල විරුවන්ට හරසර

 
 නේපාලයේ ඇති වු භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා නේපාලයට පිටත්ව ගිය ශ්‍රී ලාංකික සහන කන්ඩායම සහන කටයුතු නිමාකොට  දිවයිනට පැමිණියේය.

පුරා දින 16 ක් තිස්සේ  සහන කටයුතු වල නිරතවී සිට පෙරලා දිවයිනට පැමිණ මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  මහත් හරසරින් පිළිගනු ලැබීය.
 
ශ්‍රී ලාංකික සහන කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙක්  සහ හමුදා සාමජිකයෝ  127 ක්, සිවිල් වෛදය උපදේශකවරු  4 දෙනෙක්  ඇතුලත් වුහ.  මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්  එහි  අණ දෙනා නිලධාරීයා වශයෙන් කටයුතු කල අතර බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන නියෝජ්‍ය අණ දෙන නිලධාරීයා විය.

නේපාලයේ භූමි කම්පාව ඇති වු සැනින්  නේපාලයට ලගා වු පළමු  විදේශීය සහණ කන්ඩායම් තුන අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්  විය.

නේපාලයේ භූමිකම්පාව ඇති වු සැනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සම්බන්ධීකරනයෙන් එහි සහන කටයුතු සඳහා  ශ්‍රී ලංකා සහන කන්ඩායම පිටත්කර  යැවිණි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ඊ.එම්.එම්  අඹන්පොළ, විධායක අධිකාරී  මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ,  යුධ හමුදා ලේකම්  මේජර් ජනරාල් මහේෂ් සේනානායක, යුධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්,  මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ප්‍රධාන ක්සේත්‍ර ඉංජිනේරු  මේජර් ජනරාල් එන් වික්‍රමසුරිය,  අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් බී.ඒ  පේරේරා, මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එම් මුදන්නායක, මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, ජනමාධ්‍ය අධ්‍යක්ෂක  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර යන මහත්වරුන් අතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම පිරිස පිළිගැනීම සඳහා ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

 3 4

NEPAL-2 NEPAL-3 NEPAL-4 NEPAL-5   NRPAL-1

 

 

 



අදහස් (0)

නේපාල විරුවන්ට හරසර

සුනිල් Tuesday, 12 May 2015 11:49 AM

අපෙත් හඳපිරි ආචාරය.(හේ)

:       0       0

ශාන සෞදි Tuesday, 12 May 2015 12:55 PM

අපෙත් හදපිරි ආචාරය කවදත් අපේ රණවිරුවන්ට! අතිවිශිෂ්ටයි! (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 07:54 AM

අපගේත් උත්තමාචාරය.(හේ)

:       0       0

නාරද Tuesday, 12 May 2015 08:14 AM

දැන් ආයිත් යන්න වෙයිද මන්දා? මොකද තවත් එකක් වෙලා නේද? (නි)

:       0       0

ලක්ෂාන් Tuesday, 12 May 2015 08:48 AM

අපේ අසල්වැසි රාජ්‍යයක ව්‍යසනයේදී සහායවෙමින් අපේ රටටත් කීර්තියක් අත්කරදුන් ඔබ සියළු දෙනාට අපගේ උත්තමාචාරය පිරිනමමු (නි)

:       0       0

වෙනුරි Wednesday, 13 May 2015 01:25 AM

ඔබ සියලු දෙනාම ජාතික වීරයන්ය. තමන්ගේ ජීවිත පරදුවට තියලා මේ ගමන ගියේ. නේපාලයේ තත්වය තවමත් භයානකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site