IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නේපාල භූමි කම්පාවෙන් නොමැරී බේරුණු හැටි කියති

’‘අපි විදුලි සෝපානයෙන් හෝටලයේ 7 වෙනි තට්ටුවට ගිහින් බැස්සා විතරයි  එක පාරටම  හයියෙන්  හෙල්ලෙන්න ගත්තා.  වීදුරු කඩන් වැටුනා. ඒත්  එක්කම  ඇරිලා තිබුන ලිෆ්ට් එක කඩාගෙන බිමට  වැටුනා. අපි එය හොදට දැක්කා. ඉන් පස්සේ අපි පඩි පෙල දිගේ පහලට දිව්වා. අපි හතරදෙනෙක් හිටියා හතර දෙනාම ඇදගෙන තමයි දිව්වේ. අපි පහලට එනකොට ස්විමින් ෆූල් එක ඉස්සරහට ඇදිලා ඇවිත් තිබුනා. එහි වතුර එළියට ඇවිත්  පිටාර ගලලා.  ඒ වගේම ගොඩක්   දෙනෙක් අමාරු වෙලා තුවාල වෙලා හිටියා.  අපි හිටිය  හෝටලය සම්පුර්ණයෙන් වීදුරු කැඩිලා, සිවිලින් කැඩිලා තිබුනා. අපි විවෘත භූමියකට දුවලා පන බේරාගත්තා‘‘ යැයි නේපාලයේ ඇතිවු භූමිකම්පාවෙන් දිවි ගලවාගෙන දිවයිනට පැමිණි  ලෝ්චනී කරුණාරත්න මෙනවිය අද කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවසුවාය.

ඇය  පාපන්දු තරගාවලියක් විනිස්චය කිරීම සදහා ශ‍්‍රී ලාංකික පාපන්දු කණ්ඩායමක් සමග නේපාලයට ගොස් සිටියදී මෙම භූමිතම්පාවට මුහුණු දී දිවි ගලවාගෙන තිබුණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙන් පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ 42 දෙනා අතර සිටි ඇය තම අත්දැකීම් මෙසේ විස්තර කළාය.

‘‘අපි අවසාන තරගයට යන්න සුදානම් වෙලා හිටියේ. අපි නතර වෙලා හිටිය හෝටලයේ 7 වෙනි තට්ටුවේ අපිට එදා විශේෂ දිවා භෝජනයක් සුදානම් කරලා තිබුනා. අපි විදුලි සෝපානයේ ගිහින් 7 වෙනි තට්ටුවට බැස්සා විතරයි එක පාරටම දෙදරන්න ගත්තා. ඒ තට්ටුවට පහල තිබුනේ නයිට් ක්ලබ් එකක්. එහි මිනිසුන් හිටියේ නැහැ. ඒත් එහි තිබු භාණ්ඩ පෙරලෙන්න ගත්තා. ඉන්පස්සේ ඔක්කොම දේවල් වැටෙන්න ගත්තා.  අපි මුලින්ම හිතුවේ අපි ලිෆ්ට් එකේ ආපු නිසා පොඩි හෙල්ලීමක් වෙනවා ඇති කියා.  ඒ තට්ටුවේ කව්රුත් හිටියේ නැහැ. ඔක්කොම වීදුරු බිදෙන්න ගත්තා. මාත් එක්ක හිටපු එක් අයෙකුගේ ඇගට බඩු මුට්ටු පෙරලිලා එයාට අමාරු උනා. අපිට අල්ලගන්න තැනක් තිබුනේ නැහැ. දැන් හයියෙන්  හෙල්ලෙනවා.  යුධ හමුදාවේ අක්කා කෙනෙකුත් මාත් එක්ක හිටියා.  ලිෆ්ට් එකට එහායින් දොරක් තිබුනා. ඒ අක්කා කිව්වා ඒ දෙර අරින්න කියලා.  ඒ ඒක්කම  ඇරිලා තිබුන ලිෆ්ට් එක කඩාගෙන වැටුනා. අපි එය හොදට දැක්කා.  
ඉන් පස්සේ අපි පඩි පෙල දිගේ පහලට දිව්වා. අපි හතරදෙනෙක් හිටියා හතර දෙනාම ඇදගෙන තමයි දිව්වේ. අපි පහලට එනකොට ස්විමින් ෆූල් එක ඉස්සරහට ඇදිලා ඇවිත් තිබුනා. වතුර එළියට ඇවිත් ගලලා තිබුනා.

ඒ වගේම ගොඩක්   දෙනෙක් අමාරු වෙලා තුවාල වෙලා හිටියා. ඔළු පැලිලා හිටියා. හෝටලය සම්පුර්ණයෙන් වීදුරු කැඩිලා, සිවිලන්ි කැඩිලා තිබුනා.

පස්සේ අපි විවෘත ස්ථානයකට ඇවිත් ගෙවල් වලට කතා කරලා විස්තරය කිව්වා. තානාපති කාර්්‍යාලයටත් කතා කළා.  පස්සේ ටික වෙලාවකින් හෝටලයේ අය කිව්වා දැන් ඇතුලට එන්න කියලා. අපි හතරවෙනි තට්ටුවට ගියා. අපි හිටිය කාමරය සම්පුර්නයෙන්ම විදුරු කැඩිලා සිවිලිම කැඩිලා තිබුනේ. පස්සේ අපි තානාපති කාර්යලායට කතා කරලා කිව්වා අපිට මේකේ ඉන්න බැහැ කියලා. ඔවුන් කිව්වා ඔයාලා තවත් ඔතන ඉන්න එපා එළියට එන්න කියලා.  අපි ටික දෙනයි ඒත් එලියට ආවේ. අනිත් අය ඇතුලේ හිටියා. අපි එළියේ වැස්සට තෙම තෙමී හිටියා.  පස්සේ අපිට බස් එකක් දුන්නා ඒකට නැගලා ඉන්න කියා. අපි ඒකට නැගලා ඉන්නකොටත් හෙල්ලීම් ඇති උනා. එදා  අපි බස් එක ඇතුලේ නිදි වර්ජිතව රැය පහන් කළා.

පහුවදා තානාපති කාර්යාලයෙන් කිව්වා ගුවන් තොටුපලට එන්න කියා. අපිට යන්න ගුවන් යානයක් එනවා කිව්වා. අපි ආව ගුවන් යානයට ගොඩ උනා. ඒක පන ගන්වලා කිව්වා තවත් භූමි කම්පාවක් ඇති වෙලා තියෙනවා. ගුවන් පථය පැහැදිලි නැහැ දැන් යන්න හැකියාවක් නැහැ කියා. අපි පස්සේ ගුවන්තොටුපලට ගිහින් නැවතත් ගුවන් යානයටම ආවාම කිව්වා ගුවන් යානයේ තෙල් ලීක් එක්ක තියෙනවා හදාගෙන තමයි යන්නේ වෙන්නේ කියා.  අපි ගොඩක් බය වෙලා හිටියේ. ජීවිතේ බේරාගෙන මේ විදිහට එන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි‘‘
 

නේපාලයේ කත්මන්දු නුවර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක වන හංසනී උපේක්ෂා(24)  තම අත් දැකීම් විස්තර කළ අයුරු
 

’‘මම 2013 කත්මන්දු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් උනා. මේ වගේ සිදුවීමකට මුහුණ පාපු පළවෙනි වතාව. ඉස්සර පොඩියට හෙලවිලා තියෙනවා. ඒත් මේ වගේ දැනිලා නැහැ.  ඒක සුළු මොහොතයි එක පාරටම නැතිවෙලා යනවා.

මට වෛද්‍ය විද්‍යාලයෙන් සතියක නිමාඩුවක් ලැබුනා. ඒ නිසා මගේ තාත්තා මේ සිදුවීමට දවසකට කලින් නේපාලයට ආවා. එදා අපි හිටියේ නේපාලයේ රජතුමාගේ නාරායන් කියන මාළිගාව බලන්න ඇවිත්. අපි මාළිගාව ඇතලේ  හිටියේ.   එකපාරටම හෙල්ලෙන්න ගත්තා. ඉස්සල්ලම ලයිටි ගියා. හයියෙන් මාළිගාව ඇතුලේ තිබුන බඩු මුට්ටු හෙලවෙන්න ගත්තා. මුලින්ම හිතාගන්න බැරි උනා. පස්සේ මට හිතුනා මේක භූමිකම්පාවක්  වෙන්න ඇති කියලා. තවත් මොහොතකින් භූමිකම්පාවක් කියලා කට්ටියම කෑ ගහගෙන එලියට දුවන්න ගත්තා.

මමත් තාත්තව ඇදගෙන  කොහොම හරි එළියට පැනගත්තා. එකපාරටම දොරවල් වැහෙනවා, ඇරනෙවා ඒත් කරන්න දෙයක් තිබුනේ නැහැ.  අපි එළියට පැන්නේ පඩිපෙල දිගේ ඇවිත්. පඩි පෙල ලේ විලක් වෙලා තිබුනා. ඒක නම් පුදුම අත් දැකීමක්. ජීවිතේට අමතක වෙන එකක් නැහැ. ආයේ මෙවැනි දෙයක් වෙන්න එපා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.

පස්සේ අපිව විවෘත පෙදෙසකට අරගෙන ගියා. එදා අපිව තානාපතිතුමගේ ගෙදර එක්කගෙන ගිහින් මේ එනකම් අපි එහේ හිටියේ. ඊයේ උදේ  ගුවන්තොටුපලට ඇවිත් ලංකාවට ආවා. තානාපතිතුමාටත් ශ‍්‍රී ලංකා රජයටත් ගුවන් හමුදාවටත් බොහොමයක් සිතුති වන්ත වෙනවා.''

පස්චාත් උපාධියක් හැදෑරීමට ගිය ශ‍්‍රී ලාංකික කණ්ඩායමක සාමාජිකයෙක් වු ගාල්ලේ රවීන්ද්‍ර චන්ද්‍රසිරි
''අපි පහුගිය අගෝස්තු මාසයේ නේපාලයට ගියේ සාමය හා ගැටුම් නිරාකරණය පිළිබද උපාධි පාඨමාලාවක් හදාරන්න. අපි නැවතිලා හිටියේ කත්මන්දු වල නේවාසිකාගාරයක.   නේපාලයේ තියෙන්නේ විශාල තට්ටු ගොඩනැගිලි.  දැන් මේ වෙන කොට විවෘත භූමි වල නේපාල වැසියන් රැුදිලා ඉන්නවා. සමහර අය ටෙන්ට් ගහගෙන ඉන්නවා. එහෙම නැතුවත් කට්ටය අව්වට වැස්සට තෙමි තෙමී ඉන්නවා. පුලූ පුලූවන් විදිහට එයාලා ආහාර සපයා ගන්නවා.

අපේ රජය හා ගුවන් හමුදාව මේ කරපු මෙහෙයට අපගේ හද පිරි ස්තුතිය පිරි නමනවා.  වෙනත් රටවල කොටින්ම කිව්වෝතින් ඇමරිකාවේ අය පවා එහේ තවමත් රැුදිලා ඉන්නවා. ඒ උනත් අපේ රජය අපිට පළවෙනියටම ගුවන් යානයක් එවලා අපිව බේරාගැනීම ගැන රජයට, තානාපති කාර්්‍යාලයට, ගුවන් හමුදාවට අපි වෙනුවෙන් වෙහෙසිලා කටයුතු කරපු ගුවන් නියමුවන් ඇතුළු කාර්්‍ය මන්ඩලයට ගොඩක් ස්තුති කරන්න  ඕනේ. ඔවුන් අපි ගුවන් යානයට නගින මොහොත වනතුරුම අපිත් එක්ක එකට හිටියා.

මීට කලින් පහුගිය දෙසැම්බර් වල අපිට පොඩි අත්දැකීමක් තිබුනා. ඒක මේ වගේ ව්‍යසකයක් නෙමෙයි. භූමිකම්පා කියන්නේ නේපාලයට අළුත් දෙයක් නෙමෙයි. නමුත් මේ පාර භූමි කම්පාව දැනෙද්දිම අපිට හිතුනා වෙනදට වැඩිය මේ පාර භයානකයි කියා.
අපි හිටිය ගොඩනැගිල්ල තට්ටු පහක් උසයි.  ඒේක පහළ තට්ටුවේ තමයි මම රැුදිලා හිටියේ.  මේක සිද්ධ උන වෙලාවේ අපි විවෘත භූමියක රැුදිලා හිටියා.
අපි දැක්කා පාලිකාවක් දෙවැනි තට්ටුවේ ඉදලා පහලට වැටුනා පඩි පෙළ දිගේ. තවත් සහෝදරයෙක් හිටියා අතක් කැඩිලා. එයා රෝහළට ගිහික් තිබුනත් රෝහලේ ොගඩක් අමාරු ලෙඞ්ඩු හිටපු නිසා එයාව බාර අරන් තිබුනේ නැහැ.

අපි මුළු ලෝකෙන්ම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ නේපාලයට  පුලූවන් තරම් වෛද්‍ය ආධාර ලබා දෙන්න කියා.  ඔවුන්ට උදව් කරන්න අපේ ආයාචනය එයයි.
මේ භූමිකම්පාව ඇති උනේ කත්මන්දු නුවර. අපිත් එක්ක හිටිය නංගි කෙනෙක්  ප‍්‍රධාන හා සුළු භූමි කම්පා 84 ක් එයා ගනන් කරලා තිබුනා. අපි විවෘත භූමියේ රැුදිලා ඉන්දැද්දී දිවා රෑ දෙකේදිම  අපිටත් ඒවා දැනුනා.  

මේ වෙනකොට චීනය ඇතුළු ගොඩක් රටවල් වලින් නේපාලයට ආදාර අරන් ඇවිත් තියෙනවා.  නේපාල ජනතාව පුදුමයට පත් වෙලා තියෙනවා අපේ රජය හා ලාංකිකයන් ගැන. අනතුර සිදු උන වෙලාවේ ඉදලා අපේ තානාපති කාර්යාලය අපිත් එක්ක රැුදිලා හිටියා. නේපාලයේහිතවතුක් අපිට උදව් කළා.‘‘

තරංගා මධුෂානි මෙසේ තම අත්දැකීම් හෙළි කළාය

’‘මම ගියේ ගිය සැප්තැම්බර් මාසයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන්න. පසුගිය සෙනසුරාදා 12 ට විතර එකපාරටම ගොඩනැගිල්ල හෙල්ලූනා.  මීට මාස දෙකකට කලිනුත් මේ වගේ හෙලවිලා තියෙනවා. ඒත් මේච්චර ව්‍යසනයක් උනේ නැහැ.  විනාඩි 3 ක් විතර එක විදිහටම සෙලවෙන්න ගත්තා.  මම නැවතිලා ඉන්න නේවාසිකාගාරයේ දෙවැනි තට්ටුවේ හිටියේ. මට එකපාරටම එළියට යන්න බැරි උනා.  ටික වෙලාවකින් විවෘත පෙදෙසෙකට යන්න පුලූවන උනා.


අපි දැක්කා අපි හිටපු ගොඩනැගිල්ල කෑලි කඩන් වැටෙනවා. බිල්ඩින් කඩන් වැටුනා. ගොඩන් අයට තුවාල අනේ උඩ ඉදන් පහලට පැනලා. පොඩි ළමයි ගොඩක් තුවාල උනා. අපි ගොඩක් බය වෙලා හිටියේ. පස්සේ අපිට එතන ඉන්න බය හිතුනා අපි වෙන තැනකට ගියා. එදා රාත්‍රිය අපි එහි හිසට සෙවනක් නැතිව ගත කළා. දවස් දෙකක් ඒ විදිහට හිටියා.  
අපිට නුඞ්ල්ස් වගේ කෑම පොඞ්ඩක් ලැබුනා. වතුරත් අඩුවෙන් තිබුනේ. මොකද අපි හිටපු හරියට පොලිසියෙන් හෝ සහන සේවා පැමිණියේ නැහැ. පස්සේ අපි කොහොම හරි ගුවන්තොටුපලට ආවා. ''


 (ලෝ්චනී කරුණාරත්න)

21

(රවීන්ද්‍ර චන්ද්‍රසිරි)24

(හංසනී උපේක්ෂා)

20

(තරංගාමධුෂානි)25 26 27 28 DSCF4698 DSCF4701 DSCF4719 DSCF4736



අදහස් (0)

නේපාල භූමි කම්පාවෙන් නොමැරී බේරුණු හැටි කියති

චින්තක Monday, 04 May 2015 11:52 AM

මෙම පිරිස බේරාගැනීම සඳහා කැපවූ සියල්ලන්ටම අපගේ උත්තමාචාරය. (නි)

:       0       0

ප්‍රියානි Tuesday, 28 April 2015 08:59 PM

හැමදෙනාම වාසනාවන්තයි! (නි)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 03:30 AM

ආසන්න මරණයක අත්දැකීමක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site