IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නේපාලයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

(ටී.කේ.ජී.කපිල )

කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1424 දරන මෙම ගුවන් යානය අද උදෑසන 8.00 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ගුවන් මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා  පිටත් වූ ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු මෙම ගමනට එක්ව තිබේ.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.05 ට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර  එය සවස 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

සාර්ක් කලාපයේ රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා තවත් ගුවන් ගමන් වාර කිහිපයක් සංවිධානය කිරීමට කටයුතු කරමින්  සිටින  බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාරවරයා පැවසීය .

ඒ අනුව හෙට (25) ඉන්දියාවේ මුම්බායි වෙතත් , (26) වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර් වෙතත් , (27) වැනිදින බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළ වෙතත් ,(28) වැනිදා දින යළිත් ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (3)

නේපාලයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

upali Friday, 24 April 2020 06:40 AM

මෙම සිසුන් නේපාලයේ ඉගෙනගන්නේ මොන උපාධියකටද ?

:       5       14

Sanath Dubai Friday, 24 April 2020 07:25 AM

ඊයේ ඩුබායි වලින් දෙන්නෙක් ගෙන්න ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යැව්වේ කාගේ උවමනාවටද? දහස් ගණනක් අසරණ වෙලා ඉද්දි හොරෙන්ම අරන් ආව විශේෂ පුද්ගලයින් දෙන්නා කවුද ?

:       0       0

lalithm Friday, 24 April 2020 08:28 AM

හින්දු ආගම වෙන්න ඇති. ලෝකේ එකම හින්දු රාජ්‍ය? හැබැයි කියන්නේ නම් මේගොල්ලෝ සමහරු බටහිර වෙදකම ඉගෙන ගන්නලු? කාට බෙහෙත් කරන්නද දන්නේ නැහැ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14031 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site