IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නේපාලයට ටොන් 28 ක තවත් අාධාර

නේපාලයේ ඇති වූ  හදිසි භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියනට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ  රැගෙනන තවත්  සහන සේවා නිලධාරීන් කන්ඩායමක්  රැගත් ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන්යානය අද  දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නේපාලයේ කත්මන්දු නුවර බලා පිටත්ව ගියේය.

ශ‍්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා සංඥා යන ඒකක වලට අයත් සෙබලූන්ගෙන් සමන්විත මෙම සහන සේවා කණ්ඩායමට  යුධ හමුදා සාමාජිකයෝ 72 ක්ද, ගුවන් හමුදා සාමාජිකයෝ 11 දෙනෙක් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ 14 දෙනෙක් ඇතුළු ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වෛද්‍යවරු තිදෙනෙකුද ඇතුලත් වුහ.

මීට අමතරව ආපදා කලමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි,  වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මියද, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ද, ජනාධිපති සහ අග‍්‍රාමාත්‍ය කාර්්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එම ගුවන් යානයෙන් එහි ගියහ.

භූමිකම්පාව හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව සදහා සහන ලබා දීමට පළමු සහන කණ්ඩායම පසුගිය 26 වෙනිදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ  ගුවන් යානයකින් නේපාලය බලා පිටත්ව ගිය අතර එහි ගිය දෙවන සහන කණ්ඩායම මෙය වෙයි.

මෙයට  අමතරව එම යානයේ විපතට පත් පිරිස් අතර බෙදා හැරීම සදහා ලබා දීමට බෝතල් කළ පානීය ජලය, වෛද්‍ය උපකරන සහ ඖෂධ, වියලි  සලාක, හදිසි ආපදාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ, කූඩාරම්, මෙට්ට,තේ, සහල් ඇතුළු ටොන් 28 ක් බර ද්‍රව්‍ය ද ගෙන ගියහ.

1 2 3 6 7 8 9 10 11 12 13 14 15 16 17 DSCF4766 DSCF4777 DSCF4779 DSCF4791

 

 



අදහස් (0)

නේපාලයට ටොන් 28 ක තවත් අාධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site