IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිපුණිකාට දැන් ඔක්කොටම වඩා ලොකු රස්සාවලූ

SAN_7424_new

SAN_7482-new

 

නිපුණිකා හේවාගමගේට කතාකළාම නිතරම කියන්නෙ කාර්ය බහුලයි කියලයි. ඒ විදියට ඇය කාර්ය බහුලව සිටින්නේ රඟපෑමේ කටයුතු නිසා නම් නෙවෙයි. එහෙම නම් මොනවටද ඇය මේ තරමටම කාර්ය බහුල වෙලා ඉන්නේ? රඟපෑමේ කටයුතුවලට තිත තියලා කියලා තමයි ආරංචිය. හැබැයි ඊට වඩා ලොකු රාජකාරියක ඇය නියැලෙන බව කියන්නත් පුළුවනි. කොහොම වුණත් ඒ ඔක්කොම දේ ගැන ඇය සැඳැල්ලට කිව්වෙ මේ විදියටයි.

 

0101 රඟපාන්නෙත් නැහැ, ඒත් මොකද මෙච්චර කාර්ය බහුල?
SAN_7421-newපසුගිය පෙබරවාරියෙ ඉඳලා මම රස්සාවකට යනවානෙ.


0101 මොකක්ද කරන රස්සාව?
උපාධිය ලබාගත්තේ මාධ්‍ය අංශයෙන්. නමුත් ඒ එක්කම අලෙවිකරන අංශයෙන් මට හොඳ රැුකියාවක් ලැබුණා. ඒක ඉතා සතුටින් බාරගත්තා.


0101 රඟපෑමට තිතද?
ඔව්... ඒවගේ පෙනෙන්නේ.


0101 ඉදිරියේ විකාශය වීමට තියෙන්නෙ මොනවද?
පසුගිය කාලයේ රඟපෑ නාට්‍ය හතරක් විතර තියෙනවා.

 

0101 රැකියාව අතරේ රඟපෑම් කටයුතු කරන්න බැරිද?ඒක ආමරු කාර්යයක්. ඒත් හිරු එකේ ‘‘සුළඟ වගේ ඇවිදින්’’ නාට්‍යය වෙනුවෙන් හඬකැවීම්වලට දායක වෙනවා. සති අන්තයේදී ඩබිං නිසා ගොඩාක් කාර්යබහුලයි. රඟපෑ නාට්‍ය අතරින්, දේවිය සුගලා, ඇතුළු නාට්‍ය හතරක් විතරයි විකාශයට තියෙන්නේ.

 

0101 කවුරුහරි තහංචි දැම්මද රඟපාන්න එපා කියලා?
කවුරුවත් කිව්වෙ නැහැ. ජීවිතයට ලැබෙන දේ සතුටින් බාර ගන්න  ඕනෑ. රැුකියාවක් කරන්න මම ආසයි.

 

0101 රඟපෑවාම ජනප‍්‍රිය වෙනවානෙ?
ඔව් ඉතිං, ඒක ඇත්ත. ඒත් ජනප‍්‍රියත්වය ගැනම හිතුවෙ නැහැ. හොඳින් ඉගෙන ගන්න මට  ඕනෑ වුණා. ඉගෙන ගත්ත දෙයින් ප‍්‍රයෝජන ගන්න  ඕනෑ.


0101 විවාහ වෙන්න ඉන්න කෙනාද කිව්වෙ රැුකියාවක් කරන්න කියලා?
නැහැ, විවාහය ගැන තවම තීරණයක් අරගෙන නැහැ.


0101 කෝ තිබුණු පේ‍්‍රමය?
ආදරය ගැන දැන්මම හිතන්නෙ නැහැ. දැන් මම ගොඩාක්ම ආදරේ කරන්නේ රැකියාවටයි.


0101 දැන් එතකොට මොන විදියටද ජීවිතයේ ඉදිරි කටයුතු සැළසුම් කරලා තියෙන්නේ?
මගේ ජීවිතයේ හරි කාලයට සෑම දෙයක්ම සිද්ධ වුණා. විවාහයත් මට වරදින එකක් නැහැ. අද දවසේ උදේ පාන්දරම අවදි වෙනවා. 7.30ට රස්සාවට දුවනවා.


0101 තවමත් කාර් එක පදවන්නෙ වේගයෙන්ද? ළඟදි දඩයකුත් කෑවා නේද?
SAN_7471-newඅපෝ නැහැ. හයියෙන් එලෙව්වාට මාර්ග නීති කඩන්නෙ නැහැ.


0101 ඇයි වේගයෙන් රථය පදවන්න කැමති?
ඒ මගේ හැටි. අස්සෙන් මුල්ලෙන් දාලා පදවන්නෙ නැහැ. මට පාලනය කළ හැකි වේගයෙන් තමයි පදවන්නෙ.


0101 පරණ වාහනවලට ආසයි කියලා තමයි ආරංචිය?
ඔව්, පරණ වාහන වලට ආසයි.


0101 ඔයා හරි දඟකාරයි වගේ?
ඩ‍්‍රයිව් කරද්දී විතරයි. තරුණකමේ හැටිනෙ. හැබැයි බ්‍රේක් තියෙනවා.


0101 ඩ‍්‍රයිව් කරන්නේ නැති කොට?
මගේ පාඩුවෙ ඉන්න ළමයා.


0101 ගෙරදි කොහොමද?
මායි x මල්ලියි විතරනෙ. ඉතින් අපි දෙන්නා දඟයි. අම්මා සහ තාත්තාට මේ ලෝකෙටත් වඩා ආදරෙයි.


0101 අර ඔයාගේ සුරතල් බලූ පැටියා කෝ?
ආ බාහි නේද? දැන් හරි ලොකුයි. හරිම දඟයා.


0101 පේ‍්‍රක්ෂකයින් ඔබ ගැන අද වැඩිපුර කතාවෙන්නෙ?
එදා රඟපෑ ‘‘පබසරා’’ නාට්‍යය ගැන වගේම දුවරු දක්වා මම රඟපෑ සියලූ නාට්‍ය ජනප‍්‍රිය වුණා. ඇත්තටම ඒවා නිර්මානය කළ සියලූ අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරුන් ඇතුළු සෑම සියලූදෙනාටම මගේ ගෞරවය හිමිවෙන්න  ඕනෑ.

 

SAN_7472

sadun-gamage-new

 



අදහස් (0)

නිපුණිකාට දැන් ඔක්කොටම වඩා ලොකු රස්සාවලූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site