IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


නිධන් හැරූ යුද හමුදා සෙබළා ඇතුළු 10ක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10 ක්  උඩවළව පොලීසිය  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්‍රදේශයේ තේක්ක කැලේ දොළක් අයිනේ මෙම කැණීම් කරමින් සිටි බව පොලීසිය පැවසුවේය.සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, උදලු, අලවංගු, තාච්චි, කඹ ඇතුලු කැණීම් උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා නාරාහේන්පිට යුදහමුදා මහල් නිවාසවල පදිංචි හමුදා රෝහලේ සේවයේ කරන තිස් හැවිරිදි වියේ පසුවන හමුදා සෙබළෙක් බව ද පොලීසිය පැවසුවේය.

සෙසු සැකකරුවන් නාරාහේන්පිට, බරවකුඹුක, බොරලැස්ගමුව, කොළඹ 05 සහ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අවුරුදු 45ත් 23ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් බව ද පොලීසිය කීවේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. උඩවළව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

නිධන් හැරූ යුද හමුදා සෙබළා ඇතුළු 10ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 647 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1052 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site