IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිධන්හැරූ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මුණුපුරා  සමඟ එක්ව  නිවස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කරන ගල්තලාවක නිධන් හාරමින් සිටි ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන  පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය කියයි.

එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිධන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය , හිල්ටි යන්ත්‍රයක් ,  උල්කටු කීපයක් ,  වයර් කෝඩ් කීපයක් , ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. 

කාන්තාවක් තවත් කීප දෙනෙකු සමග ඇයගේ නිවස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා මොරගහහේන  පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව 119 යතුරුපැදි  සංචාරයේ යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

 



අදහස් (6)

නිධන්හැරූ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට

උකුස්සා Tuesday, 23 September 2025 11:00 AM

1948 රටේ නිදහසින් පස්සෙ කුල්ල කුජීත වෙච්ච මිනිස්සුන්ට අප්‍රිය වෙච්ච එකම දේශපාලන පක්ෂය පොහොට්ටුව කියල හිතන අය ලයික් කරන්න බලන්න

:       11       60

ගුණරත්නTuesday, 23 September 2025 11:58 AM

ඊට වඩා කල්ල කුජීත පක්ෂයක් තමයි ආණ්ඩුවේ ඉන්නේ, හැට දාහක් මිනී මැරුම්වලට වගකිව යුතු, බිලියන සියදාස් ගානක අලාභයක් කරපු පක්ෂයක්.

:       50       21

අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 11:41 AM

දැන් පොහොට්ටු සජබ පහළ මට්ටමේ කණ්ඩායම් ස්වයං රැකියා ආරම්භ කරලා, ඒ අතර නිදන් හෑරීම, කසිප්පු නිශ්පාදන බෙදා හැරීම සහ විකිනීම, අයීස් නිශ්පාදනය බෙදා හැරීම සහ විකිනීම වගේ ඒවා අපේ හාන්දුවනේ !

:       10       43

NIMAL Tuesday, 23 September 2025 12:47 PM

පක්ෂ තහනම ඉවත්කරලද ?

:       0       17

Hafeel Tuesday, 23 September 2025 12:57 PM

අන්න බලන්න පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න නම්... මේවත් සුදුසුකම්...

:       0       3

Maga Tuesday, 23 September 2025 07:10 PM

මේ සිද්ධිය නිදන් හෑරීමක් ලෙස ඔප්පු කරන්න ඇති හැකියාව ප්‍රශ්න ගතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site