(ඉන්දිකා රාමනායක)
මහියංගන රක්ෂිතයේ තිබු නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු සමනලවැව පඹහින්න ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සති 3ට ඉහත දී මහියංගනය රක්ෂියේ නිධානයකින් මෙම කඩුව ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
වළගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම කඩුව ලක්ෂ 60 ක මුදලකට කිරීමට සූදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදා මෙම වැටලීම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 60 ට අලෙවි කිරීමට තහනම් කර තිබූ මෙම කඩුව සැකකරුවන් රුපියල් 40 කට ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර පොලිස් උපාය දූතයන් ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් පඹහින්න ප්‍රදේශයට කැඳවාගෙන විත් ගනුදෙනුව සිදු කරන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිධානයකින් ගත් කඩුව අලෙවි කරද්දී මාට්ටු
gamayaa Thursday, 22 December 2022 11:36 AM
ඔව් ඉතින් අලෙවිකරන් නැතුව ගෙදර තියන් පොල් පලන්නද ? රක්ෂිතයෙන් හම්බුනොත් මෙන්න හම්බුනා කියල රජයේ නිලධාරියෙකුට බාර දෙන්නද නීතිය තියෙන්නේ? ඕක බාර ගන්න කෙනා අනිවාර්යෙන්ම විකුනනවා ආපහු.
mangala Thursday, 22 December 2022 05:29 PM
මේවා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට, දැන් කාලේ උන්වත් මේවාට රැවටෙන්නේ නැහැ. ඉස්සර රජවරු තමන්ගේ කඩුව නිධන්කලේ නැහැ.. ඒවා අවශ්‍ය අවස්ථාවට පාවිච්චි කළා මිසක්. දැන් ඉන්න දේශපාලුවන් තමයි කඩුත් නැතුව කටින් බතල හිටවන්නේ. මේ කඩුව ළඟදී හදලා පස් යට වලලා දාලා ටික කාලයක් තියලා අරන් කොහෙන් හරි හොයාගන්න කෙනෙකුට හොඳ ගානකට විකුණලා කීයක් හරි කඩාගන්න එකනේ කරන්න හදලා තියෙන්නේ.
sampath Sunday, 25 December 2022 05:09 PM
ඔක පරන එකක්නම් ඔය තත්වයෙන් තියෙන්න බෑ මලකඩ කාපු නිසා යක්ඩ එකක් කියලත් තේරෙනව මට නම් ඔක රුපියල් 40ක්වත් වටින්නෙ නෑ ඔය කාව හරි රවට්ටන්න කරපු වැඩක් අනෙක ඔක තියාගෙන මොනව කරන්නද මෙ ස්වයන්ක්‍රිය ගිනි අවි තියෙන කාලෙ