කොස්ගම පුස්ඇල්ලේ නිවසකින් අත්අඩංගුවට ගත් නිදි පෙති තොගය මත වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට යොදා ගන්නට ඉඩ තිබුණු බවට සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත.
අනවසරයෙන් එම නිදිපෙති දෙලක්ෂයක් පමණ ඔහු ගබඩා කරගෙන තිබූ බවත් එවැනි තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යංශය පවසයි.
කසිප්පු පෙරන්නන් මත වැඩි කර ගැනීම සඳහා නොයෙකුත් ආගන්තුක ද්‍රව්‍ය පාවිච්චි කරන බව සොයා ගෙන ඇත.
කසිප්පුවලින් ද එම ආගන්තුක ද්‍රව්‍ය වලින් ද වන හානිය බොහෝ යැයි වෛද්‍යවරු පවසති.
සැකකරු අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට එම නිදිපෙති තොගය විකිණූ තැනැත්තා සොයා ගැනීමට ද අමාත්‍යංශය වෙහෙසෙයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදි පෙතිවලින් තවත් වැඩක්
අර්ෂා Monday, 22 July 2013 01:21 PM
ඒකයි මේ දවස්වල රියදුරන් නින්ද යාමෙන් අනතුරුවලට භාජනය වන්නේ.(නදී)
අමිල කටුනායක Sunday, 21 July 2013 11:39 AM
සදහටම නිදා ගන්න පුළුවන් වෙයි ඔය කසිප්පු බිවුවොත් (දී)
ලයනල් Sunday, 21 July 2013 12:04 PM
මිනිස්සුත් කරන වැඩ? (දී)
දිසානායක Sunday, 21 July 2013 12:03 PM
දැන් හොදට නිදාගන්න පුළුවන් වෙයි (දී)
උපාලි Monday, 22 July 2013 05:18 AM
නිදිපෙති විකුනපු කෙනාව හොයන්න සෞඛ්‍ය අමාත්‍යංශය නම් වෙහෙසිලා පලක් නැතිවෙයි. ඔය මනුස්සයව හවස් වරුවක පොලිසියට බාරදීල උදේට විස්තර ටික ඉල්ලගන්න.(නදී)
වසන්ත Sunday, 21 July 2013 12:25 PM
ඉස්සෙල්ලාම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමයි වියයුත්තේ (දී)
කුමාර Sunday, 21 July 2013 01:34 PM
ලංකාවේ කරන පර්යේෂණ ඕවා තමයි. ලේලන්ඩ් බස් වලට පිකප් වැඩිකරන්න ඩීසල් වලට පෙට්‍රල් බෝතලයක් කවලම් කරනවා. කසිප්පු රත්කර පෙරනකොට ගෑස් වියදම් වෙනවා. ඒ විතරක් නොවේ ගද එනවා. එයට හොදම ක්‍රමය තමයි කසිප්පු නියමිත පදමට ආ විට සිමෙන්ති කුඩු කවලම් කිරීම. එහිදී සියලුම අපද්‍රව්‍ය සිමෙන්ති සමග තැන්පත් වෙනවා (බර වැඩි නිසා) (දී)
පිටබැද්දර ජයා Sunday, 21 July 2013 01:45 PM
මම නම් හිතුවේ දැන් කසිප්පු පෙරන්නේ නැහැ කියලා ,මොකද මතට තිත නිසා (දී)