
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
" ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් මෙවර නිදහස් උළෙල සමරනු ලබයි.
අශ්වා රෝහක රථ හෝ රථ පෙළපාළි නොමැතිව පොලිස් යතුරු පැදි තුනක් පමණක් පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයා පැමිණියේය.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සැලකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වාදනයෙන් අනතුරුව මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම් මැද ජනාධිපතිවරයා ජාතික ධජය එසවීය.
ඡායා ළහිරු හර්ෂණ







නිදහස සමරන්න සියල්ල සූදානම්
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද(4) පෙරවරුවේ පැවැත්වෙයි.
බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලබාගෙන 77 වන වසර සමරන ජාතික නිදහස් උළෙලේ මෙවර තේමාව " ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන්නයි.
පෙරවරු 8.4 ට මඟුල් බෙර වාදන සහ සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපති අනුර දිසානායක මහතා ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් උළෙල ආරම්භ කෙරෙයි.
අනතුරුව පාසල් සිසු සිසුවියන් 44 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර ජයමංගල ගාථා සහ "දේවෝ වස්සතු කාලේන" ගාථාව ගායනයෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදූ සියලු ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවයක් රැකීම සිදු කෙරෙයි.
ජනාධිපතිවරයාට පුද කෙරෙන උත්තමාචාරයෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය ඇමතීම සිදුකරයි.
අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය ,සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සම්මාන පෙළපාළිය පවත්වනු ලබයි.
සංස්කෘතික සංදර්ශනයෙන් පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කොට 77 වන ජාතික නිදහස් උළෙලේ සමාප්තිය සටහන් කෙරෙනු ඇත.
(ඡායාරූපය: ලහිරු හර්ෂණ)
COMMENTS
ඇත්ටටම සතුටුයි . ඉස්සර වගේ සුද්දෝ හදපු ආයුධ ණයට ගෙනල්ල සංදර්ශන දාන්නේ නැතිව. ලංකාවේ තියෙන දෙයින් සරලව, සියලු ජාතීන් සමගිව සරල උත්සවයකට.
රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත් නායකයින් ආරාධනා කර නැද්ද ? කපුටන් විරුවන්ගේ පිළිම මත පහරන යුගයක එවන් දෙයක් බලාපොරොත්තු විය නොහැක.
අති විශිෂ්ඨයි. අපිට අවශ්‍ය එපමණයි. ජය වේවා.
අපේ මව්බිමේ ප්‍රධාන හර වටිනාකම රදා පවතින්නේ උතුම් බුදු දහම ප්‍රමුඛ අභිමානවත් පෞවුඩ සංස්කෘතිය පවතින තාක් පමණයි මිතුරනි.. හැබැයි සියලු ජනතාව එකමුතුව රට වෙනුවෙන් කටයුතු කරන එක නම් රටේ ඉදිරි අනාගතය සදහා අවශ්‍යයයි..