IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නීති කඩා නිදහසට කරුණු කියති

කොතෙක් නිදහසට කරුණු කීවද ඉන්දියා ධීවරයින් ශී‍්‍රලංකා නාවික හමුදාව ඇතුළු ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්වනනේ ඔවුන්ගේම වැරදි නිසා බව ඉන්දියා වෙරලාරක්ෂක හමුදා බලධාරීන් මදුරාසි මහාධිකරණය ඉදිරියේ දිවුරුම් ප‍්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබේ.

වෙරළාරක්ෂක හමුදා බලධාරීන් මෙම දිවුරුම් ප‍්‍රකාශය සිදුකර තිබෙන්නේ ඉන්දියා මහාධිකරණය නියෝග කර තිබෙන පරිදි ඉන්දියා ධීවරයින්ට ආරක්ෂාව සැපයීමට වෙරලාරක්ෂක හමුදා අපොහොසත්ව ඇතැයි ඉදිරිපත්ව තිබෙන පෙත්සමකට පිළිතුරු ලෙසය.

එම පෙත්සමෙන් උසාවි නියෝග කි‍්‍රයාත්මක නොකළේ යැයි ඉන්දියා වෙරළාරක්ෂක හමුදාව වරදකරු කර තිබේ.

අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇති වෙරළාරක්ෂක හමුදා බළධාරීන් ශී‍්‍රලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන භාගයේදී ඉන්දියා ධීවරයින් ශ‍්‍රීලංකාවේ සිට ජනතාව හා බඩු බාහිරාදිය අනවසරයෙන් ඉන්දියාව වෙත ගෙන ඒමේ ජාවාරම්හි නිරතව ඇති බවටද සාක්ෂි තිබෙන බව පවසා ඇත.නීතිවිරෝධී ක‍්‍රම යොදාගෙන මසුන් මැරීමේ යෙදී ඇති අවස්ථා රැුසක්ද තිබෙන බවත් ඒ කටයුතු සදහා හවුල්වී තිබෙන පුද්ගලයින්ට වහාම දඩුවම් පැමිණවිය යුතු බවත් බළධාරීන්ගේ අදහසවී තිබේ.

අනතුරකට පත් අවස්ථාවක තමන් ඇමතීම සදහා හදිසි ඇමතුම් සංඥා 280  කට වැඩි ප‍්‍රමාණයක් ධීවරයින් වෙනුවෙන්ම හඳුන්වාදී ඇතත් මේ දක්වා එසේ ඇමතුමක් ලබාදුන් කිසිදු ධීවරයෙක් නොමැති බවද වෙරළාරක්ෂක බලධාරීන් මහාධිකරණ විනිසුරු ඉදිරියේ හෙළිකර ඇත.

මෙනිසා සැබෑවටම වරදේ වැඩි බර ඇත්තේ ඉන්දියාවේම ධීවරයින් අත බව ඔවුන් පෙන්වාදී තිබේ.



අදහස් (0)

නීති කඩා නිදහසට කරුණු කියති

ඈන් Tuesday, 28 April 2015 03:21 PM

ඇති යන්තම් ඉන්දියාවේ ඇස් ඇරුනා. (බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 02:58 AM

සත්‍ය හැමදා සැඟවිය නොහැක (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site