IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නතාශා එදිරිසූරිය රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද  නියෝග කළේය.

මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම සැකකාරිය ප්‍රකාශයක් කරමින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 



අදහස් (18)

නතාශා එදිරිසූරිය රිමාන්ඩ්

SL Sunday, 28 May 2023 11:37 PM

මේ අවජාතක, බොරන් අගින්, නිරගමික කල්ලි නිසා මේ රටට අමාරුවෙන් ලැබිල තියෙන සාමය නැතිවේගෙන යනවා. මුන්ට කොහින්ද කොටි 25ක් වියදම් කරලා access ටවර් එකේ ස්ටුදියෝවක් හදන්න සල්ලි . කවුද දුන්නේ ?

:       7       30

Rosa Monday, 29 May 2023 01:05 AM

එතකොට, අර ජෙරොම් කියන ඒකාට නීතිය ක්‍රියාත්මක වෙනැද්ද..? ඌට පොලීසිය බයයිද .....? ඌ හයි ෆයිද ...?

:       2       28

C.K.Lankaputhra Monday, 29 May 2023 07:13 AM

වද සැත්කම් වද කොත්තු වද බ්‍රෙසියර් ටික ටික කල එලියට බහින හැඩයි. චන්දයක් ලගයි වත්ද. අර බුද්ධාගමට අපහාස වන විදිහට පොතක් ලිව්ව කියල ICCPR නීතිය යටතේ මාස ගනනාවක් සක්කිත රණසිංහ හිරේ තියාගන ඉදල අවසානයෙ මොකද , නිදොස් කොට නිදහස්. බුද්ධාගම අනාරක්ශිතයි, රකින්න මැඩමූලන්ස් නායකයෙක් ඕනයි කියන්නනෙ ඔය කාඩ් බෝඩ් කාරයෝ වලි කන්නෙ. ඔය ගමෙන් නායකයෙක් කියල පඩංගුවෙක් ගෙනල්ලා කෙලවපු කෙලවිල්ල මතකනෙ. . අපේ උන්ට පාංකඩ රෙදි කෑල්ලක් පෙන්නුවත් ඒක ඇති අබූඩෙ ගහ ගන්න. අපේ දෙගොල්ලම එකතුවෙලා බුද්ධාගමට කරන අපහාස දෝරෙ යනවා. ඒවා ගැන වගේ වගක් නෑ. අම්මට සිරිවෙන රටක් ඕයි මේක.

:       17       24

Bamunuarachchi Monday, 29 May 2023 09:51 PM

තමුසේ මොනවා දැනගෙන මොනවාද කථා කොරන්නේ? බහුබූත කථා නොකර ඉන්නවා හලෝ. වඳ පෙති වඳ කොත්තු ගැන කතාව ආවේ නිදියන් ඉන්න මෝඩ සිංහල බෞද්ධයින් අවධි කර අවධානය ගන්න. දැන් ඒ අවධානය ගන්න වඳ පෙති වඳ කොත්තු ඕනේ නැහැ. පාස්කු ප්‍රහාරය ඇති. පොඩි ළමයින්ගේ අවධානය ගන්න ගොනිබිල්ලෝ මවන හැටි අහලා දැකලා නැද්ද? ගෝනි බිල්ලෝ ගැන වඳ පෙති වඳ කොත්තු ගැන වාද කරන්නේ පල් මෝඩයෝ. අපි කලේ ගොන් තර්ක දමන්න ඔහෙලා වගේ මිනිස්සුන්ට නොදැනෙන පිටරට වලින් ආධාර ලබාගෙන රටේ සිටින අන්‍ය ආගමික යින් රටේ තිබෙන බෞද්ධ සංස්කෘතියට හානි කරන බව පෙන්වීමයි. ඒවා බොරු උනේ නැහැ.

:       0       0

කිරපුතා Monday, 29 May 2023 11:33 AM

මේ බඩ්ඩ කොහෙන්ද පහත් වුණේ ?

:       7       16

SUNIL MILANO Monday, 29 May 2023 11:53 AM

කෝ අපේ මහ තැන අර කාදිනල් තුමා .කටේ කෙල බින්දුවක් හෙලන්නේ නැහැ

:       12       20

පී කලවානගේMonday, 29 May 2023 02:50 PM

කටේ කෙළ හැලුවේ නැතුවාට බල්ලන් ටික ලෙහා දාලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරිද සුනිල් මහත්තයෝ...?

:       0       4

පන්කුඹුරගේ Monday, 29 May 2023 12:09 PM

දැන් අමාරුව හොඳ වෙයි.

:       6       14

sena Monday, 29 May 2023 12:10 PM

බුද්ධාගමට අපහාස කරන්නේ මේ මනුස්සයාව හිරේ දාපු මිනිස්සු .බුදුන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ හිංසා කරන්න කියලා

:       28       16

JinaMonday, 29 May 2023 02:10 PM

සේන මහත්තයෝ, මෙයාලා කරපු වැඩේ හරිම කැතයි. ආගමක මතවාදය විවාදයට ගැනීම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවා විමසා බැලීමත් ප්‍රශ්නයක් නෑ. ඒත් පහත් විදියට අපහාස කරලා මීඩියා දාලා විකාර නටන්න බෑ. බෞද්ධයින් විදියට අපි අනිත් ආගම්වල අයට ඒ නිදහස සම්පූර්ණයෙන් දීලා තියෙනවා... ඒත් ඒ නිදහස වල් බූරු නිදහසක් කරගෙන ඩෙගා නටන්න ආවොත් ලේසි වෙන්නේ නෑ ඉතින්... මොකද අපි තාම රහත්වෙලා නෑ. මේවා දුරදිග ගියාම මෝඩ මිනිස්සු අවි අතට අරන් ගහමරා ගන්න පටන් ගන්නවා... මොකද දැන් මිනිස්සු බලන් ඉන්නේ පීඩනය පිටකර ගන්න ක්‍රමයක්... ඒවාට මෝඩහේතු හදන්නේ නැතුව ඉන්න එක තමයි වටින්නේ...

:       0       2

Pavithra Monday, 29 May 2023 12:43 PM

පේනවනේ වෙන දේවල්. බෞද්ධ ආගම නසන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මෝඩ වෙන්න එපා. මේ රට රැකෙන්නේ රාජපක්ෂවරු යටතේ විතරයි. ඔවුන්ව බලයේ තියන්න...

:       4       0

P.d goonawardena Monday, 29 May 2023 12:53 PM

එල...

:       0       0

prasanna Monday, 29 May 2023 01:02 PM

ස්පා එකක කෙනෙක්

:       0       1

ANURA ROME Monday, 29 May 2023 01:51 PM

දැන් සැපද?

:       0       2

විපරමා Monday, 29 May 2023 03:02 PM

වැඩිපුරම බුදුදහමට අපහාස වෙන විදියට කටයුතු කරලා තියෙන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේසපාලුවන්, ලෝකෙට පේන්න පන්සල් වන්දනාවේ නම් යනවා. ඔවුන් හරියට පන්සිල් පද පහවත් රකින අය නෙවෙයි...

:       2       4

බද්රානි Monday, 29 May 2023 03:34 PM

මේ සිංහල බෞද්ධ කාන්තාව හා පහුගිය කාලේ නයි නටවපු දිලිත් ජයවීර කියන බෞද්ධයා හා ජෙරම් ප්‍රනාන්දු කියන ක්‍රිස්තියානි පුද්ගලයාගේ ප්‍රකාශ තුනම මම බැලුවා. වැඩිපුරම බුදුන් වහන්සේට අපහාස කරන්නේ කවුද කියලා පේනවා. ඒත්, මේ දිලිත් ජයවීරට බල්ලෝ බුරන්නේ නැත්තේ ඇයි කියලයි මට හිතා ගන්න බැරි...? බලමු, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා. මම හිතන්නේ නයි පනික්කියෙකුට වූ පමණින් අපහාස කිරීම නීති විරෝධියි කියලයි.

:       2       2

විජිත් Monday, 29 May 2023 03:58 PM

බුදුන් වහන්සේට, බුදුදහමට අපහාසකළා? අපහාස කරන්න උතුම් වූ ගෞතම බුදුන් වහන්සේ "දේශනාකළ - ආදර්ශය දුන් " බුදුදහමක් ලංකාවේ තිබෙනවද? බුදුන් වහන්සේ පිරිනිවන්පෑ පසු ප්‍රශ්න රැසක් මතුවූ නිසා කාශ්‍යප මහා රහතන් වහන්සේ "ධර්ම සංඝායනාවක්" පවත්වා මුල්වරට බුදුදහම රැකගත්තා. එදා බුදුන්වහන්සේගේ කාලයේදී නිකායවල් තිබුනේ නැහැ. අද ලංකාවේ බුද්ධාගම් නිකායවල් කියක් තිබෙනවද? නිකායවල් හැදුනේ කොහොමද? කුල අනුවයි. බුදුන් වහන්සේ 'කුල' ක්‍රමය ප්‍රතික්ෂේප කළ නිසා තමයි සෝපාක වැනි රහතන් වහන්සේලා බිහිවුනේ... අපේ රටේ බහුතරයක් හාමුදුරුවරු කරන්නේ බුදුදහමට අපහාස වන ආකාරයට හැසිරීමයි. බුදුදහමට අනුව හැසිරී, ගිහි ජිවිතයේ ලෞකික ඇලීම් ගැලීම්වලින් වියුක්තව සසර ගමන අවසන් කිරිම තම එකම අධිශ්ඨානය කරගත් උතුම් වූ ස්වාමින් වහන්සේලා මේ රටේ සිටින්නේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයකි. උන්වහන්සේලාට මාගේ ප්‍රණාමය හිමිවේවා...!!! බහුතරයක් කහ රෙදිපොරවාගත් බමුණන් පමණයි. ඔවුන්ගේ ඒකායන අරමුණ හොර දේශකාපාලුවන්ට මුට්ටි අල්ලමින් මුදල් උපයමින්, තම හොර අඹුවන් සහ දරුවන් පෝෂණය කරමින් "පස්පව්" කරමින්, ජනතාව මුලාකිරීමයි. ජනතාව කුපිත කිරීමයි.

:       1       5

Samitha S. Aluthgamage Tuesday, 30 May 2023 07:59 AM

විජිත්,බද්‍රානි මහත්මිය, නිවැරදි යථාර්ථය සමාජ ගත කරාට බොහොම ස්තූතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 809 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 105 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 323 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 754 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 247 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 307 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site