IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි .

ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට ලැබුණු ඇමතුමකින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදු පිළිමය සහ පොත්පත් සොරා ගන්නා ලද බවත් එය නැවත ලබා දීමට අවශ්‍ය බවත්ය.

සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් තැනැත්තා පවසා තිබේ.

බුදු පිළිමය සහ පොත්පත් සුරක්ෂිතව තිබෙන බවද දුරකථන ඇමතුම දුන් තැනැත්තා පවසා ඇත.

තමාට ජනාධිපති ලේකම්වරයා ඇමතීමට අවශ්‍ය බව ඔහු පවසා ඇති අතර ජනාධිපති කාර්යාලයේ ඇමතුම ගත් නිලධරයා එම පණිවිඩය ජනාධිපති ලේකම්වරයාට සැල කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී ඇත.



අදහස් (25)

නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයයි

අවංකවීම කල යුතුය...! Sunday, 04 September 2022 06:35 PM

ඔහු ඒ විදියට හරි කථාකරලා කීම හා අවංකවීම අගය කළ යුතුයි...! ඔහුගේ යටිහිතම වදදෙන්න ඇති ඒ පොත් පුස්තකාලයකට දෙන්න තිබුණු ඒවා කියලා..! හුස්ම ගත්තොත් ඒක තද කරගෙන හංඟගෙන තියාගෙන ඉන්න බැහැ කියන එක සනාථ වුණා වගේ..!

:       14       150

GamunuSunday, 04 September 2022 09:47 PM

නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයක් තිබේ. 1.ජනතව කුපිතකරවා නිවසක් තුලට අනවසරයෙන් පැමිණ කලහකාරී ලෙස හැසිරී ගිනිතබා නිවසට හානි කිරීමේ වරද සහ දේපල සොරකම් කිරීමේ වරදට සහ සොරකම් කරනලද දේපල අනවසරයෙන් ලග තබාගැනීමේ වරදට නීතිය ක්‍රියාත්මක කර නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත් පත් නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ලබා දිය යුතුව තිබේ. බුදු පිළිමය සහ පොත් පත් හානි නොකිරීම පිලිබදව සහ නැවත ලබාදීමට ඉදිරිපත්වීම අගය කරමු.

:       5       16

ruwan Sunday, 04 September 2022 08:31 PM

අර මනුස්සයා මොනවා වුණත් කතාකරලා කිව්වා. ඔය කරලා තියෙන්නේ ඉතින් වැඩක්...

:       5       89

ravin Sunday, 04 September 2022 08:34 PM

මීට වැඩිය ටිකක් කල්පනා කරලා ඒ කියූ තැනැත්තාට කිව්වා නම් පොදු තැනක තියලා දුරකථන මාර්ගයෙන්ම තියපු තැන දැනුම් දෙන්න කියලා ලේසියෙන්ම පොත් සහ පිළිමය නැවත ලබාගන්න තිබුණා නේද? වටිනාකම තියෙන්නේ මේවායේද? භාණ්ඩ ගත්තු පුද්ගලයාගේද කියන එක තමයි වැදගත්...

:       7       56

gunarathnaMonday, 05 September 2022 07:10 AM

මේ පුද්ගලයා මේවා ආපහු දෙන්න හදන්නේ සද්භාවයෙන් නෙමෙයි. බයට හිරේ යන්න වෙයි කියලා. හොරකම් කෙරුවේ හොරහිතකින් නිසා කොහොමත් ඔහු කරලා තියෙන්නේ හොරකමක්... ඒකට දඬුවමක් ලැබෙන්න ඕනේ...

:       6       6

නිපුන් ජයසුන්දර Sunday, 04 September 2022 11:28 PM

අරගලයේ පට්ට හොරැටික දැන් ටික ටික එලියට එනවා.උන්ට චරිත සහතික දෙන්න තවත් හොරැ ටිකක් බොරැ නම්වලින් කමෙන්ට්ස් දානවා. සේරම අත්අඩංගුවට අරන් හිරේ යවන්න ඕනෑ.

:       10       8

ගමගේ Sunday, 04 September 2022 11:31 PM

මේවා කියන්න ඔනේ කොන්ඩේ බැදපු චින්නුන්ට. මට හිතුනා පොත් ගිනි තියලා කිව්වාම ආපහු පොත් ටික කොහෙන් හරි මතු වෙයි කියලා

:       8       14

ජගත් ලියනගේ Sunday, 04 September 2022 11:57 PM

මාරයි නේද ? පිටපත කවුද ලිව්වෙ ඔය දුරකථන ඇමතූමේ?

:       5       15

chandima Monday, 05 September 2022 01:04 AM

ඒවා ගිනි ගත්තා කියලා වන්දි ගත්තා නේද

:       7       1

ගමේ එකාලා Monday, 05 September 2022 01:25 AM

අපේ රටේ දූෂිත නායකයෝ මේ රටෙන් කොයිතරම් දේවල් හොරා කන්ඩ ඇත්ත ද. කටුගෙයි වටිනා පුරාවස්තු ,උතුරෙන් අල්ල ගත්තු රත්තරන් ,රුවන්වැලි සෑයේ චූඩාමානික්‍ය, වටිනා ඉඩකඩම් .?

:       9       6

Perera Monday, 05 September 2022 01:59 AM

දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි .මේවායේ ඇත්ත නැත්ත කවුද දන්නේ ?

:       4       6

Nimal Silva Monday, 05 September 2022 02:58 AM

මේ මාෆියාව හිතන්නේ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා

:       2       6

Demuni Uduwara Monday, 05 September 2022 04:40 AM

ඵලදායී පියවරක් ගන්න නමුත් අත්අඩංගුවට ගන්න !

:       3       3

සමිත අලුත්ගමගේ. Monday, 05 September 2022 07:40 AM

සාමකාමී ලෙස ක්‍රියාත්මක වූ අරගලය බිහිසුණු හා සැඩ තත්ත්වයකට පත් වුණේ අරලිය ගහ මන්දිරයේ සිට කළ ප්‍රහාරය නිසාමයි.ඒ නිසා සාමකාමීව උද්ඝෝෂනයේ යෙදී සිටි පුද්ගලයින් ඒ බලවත් අසාධාරණය ඉදිරියේ වියරු වැටුණා.එහි එක් ප්‍රතිඵලයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිද්ධිය.ඒවා අර ඉහතකී අනීතික ප්‍රහාරයේ අතුරු ඵල.ඒ සියලුම දේට වගකිවයුත්තන් ගැන කතා නැත්තේ මන්ද ? සාමකාමී මිනිසුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔවුන්ට ලබා දී ඇති නිදහසේ රැස්වීම හා උද්ඝෝෂණ කිරීමේ අයිතියට පහර දුන් මැරයන් හා එයට නායකත්වය දුන් අය නේද රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනිබත් කිරීම ඇතුළු සිදුවූ බොහෝ දේට වගකිවයුතු වන්නේ.මේ ගැන නොසිතීමට තරම් අපගේ රටේ වගකිවයුතු අංශ වල ඉන්නේ බුද්ධි හීනයන්ද ? නොඑසේ නම්,තවමත් රට පාලනය වන්නේ බැසිල් රාජපක්ෂට අවශ්‍ය ආකාරයටද ? තවමත් රටේ සිටින්නේ එදා සිටි ආරක්ෂක ප්‍රධානීන් නොවේද ? රටේ ජනතාවට නීතිය එක ආකාරයකටත්,රට විනාශ කළ බලවතුන්ට තවත් ආකාරයකටත් යෙදවීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත හෝ පැමිණිලි කළ යුතු කාලය එළඹ ඇති බව පෙනේ.

:       3       18

Almeida Monday, 05 September 2022 08:00 AM

අත්තනයක තමා කොල් කරල ඔය වගෙ වෑඩ කරන්නෙ.

:       1       9

සලීම් Monday, 05 September 2022 08:05 AM

මේවා විස්වාස කරන්න තරම් ජනතාව මෝඩ නැහැ.මේ නාට්‍ය අපිට දැකල හොදට පුරුදුය්.

:       3       12

jay Monday, 05 September 2022 08:34 AM

මන් කොල්ල කාපු බඩු ...

:       1       4

Jagath Monday, 05 September 2022 08:55 AM

තවත් ලස්සන නාටකයක්.

:       2       16

tharaka Monday, 05 September 2022 10:30 AM

මට තියෙන පුදුමය පොලිසියෙන් එච්චර ආරක්ශාවක් දාලා තියෙද්දි, ඇවිල්ලා ගිනිත් තියලා පොත් ගොඩකුයි බුදු පිළිමයි අරන් යනකල් පොලිසිය මොකද කලේ කියලා. දැන්නම් හොදටම විශ්වාසයි මේවා තනිකර නාට‍යක් කියලා

:       4       14

Sarath Silva Monday, 05 September 2022 10:59 AM

මෙය ආණ්ඩුවේ හදපු කතාන්දරයක්. අරගලකරුවන් අත්අඩංගුවට ගන්න

:       4       10

MuttiyaMonday, 05 September 2022 02:11 PM

හරියට හරි... අරගලකරුවන් අත්අඩංගුවට ගන්නම්...!

:       2       1

උදය Monday, 05 September 2022 01:04 PM

අපිත් පොඩිකාලේ අපිම හංගපුවා එලියට ගත්තෙත් ඔහොම තමයි. මෙයාලත් පොඩිඋන් වගේ. පවු ළමා කාළයක් තිබිලම නෑ වගේ. හරිම බොලඳයි. එන්න අපිත් රැවටුනා වගේ ඉඳිමු.

:       2       11

H.P.Dharmasiri Monday, 05 September 2022 02:25 PM

හොඳ පූර්වාදර්ශයක්. මහා බැංකුව හොරාකාපු මුදල් සහ අනිත් සියලුම සොරකම් කළ මුදල් වලට ඔය පූර්වාදර්ශයම අනුගමනය කරලා රට දියුණු කරමු.

:       3       2

Shadow Monday, 05 September 2022 02:47 PM

බෞද්ධකමක්වත් ගෑවිලාවත් නැති අයට මොකටද බුදු පිළිම?

:       2       6

tarangakumara Tuesday, 06 September 2022 07:06 PM

මේකත් එක්තරා නාටකයක් කියලා තමයි අපිට කියන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 204 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 318 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 246 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 549 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1218 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 583 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site