(අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් (1970 අංක 15 දරණ) සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීති ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ විට චූදිතයන්ට හෝ අභියාචකයන්ට ඔවුන්ගේ දඬුවම් කාලයට අමතරව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවීම යුක්ති සහගත නොවන බව හඳුනා ගැනීම මත චූදිතයන් ,අභියාචකයන් බන්ධනාගාරයේ ගත කළ කාලය ඔහුගේ දණ්ඩන නියමය යටතේ බන්ධනාගාර ගත කළ යුතු කාලයෙන් අඩු කිරීම පිළිබඳව සලකා බැලීමට හැකිවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 223(5)සහ 333(5) වගන්ති සංශෝධනය කිරීම පිණිස 2023.2.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිය පමාවීමේ වැරැද්ද හදන්න සංශෝධනයක්