අඟුලාන පොලීසිය සහ පළාතේ මහජනතාව අතර ගැටුම්වලට ඉතිහාසයක් තිබේ. එය අඳුරු ය. අමිහිරිය. දැනට ටික කාලයකට ඉහත දී අඟුලානේ තරුණයන් දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ පිළිබඳ අධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව ඔවුහු සිරදඬුවම් ලැබූහ. එම සිද්ධියේදී ද අඟුලාන පොලීසියට එරෙහිව නීතිය අතට ගත් ප්‍රදේශවාසීහු පිරිසක් පොලීසියට පහර දුන්හ. එසේම පොලීසියට එරෙහිව ජනතාව නීතිය අතට ගත් තවත් අවස්ථාවක් පසුගියදා අඟුලානෙන් වාර්තා විය.
මේ සිද්ධියට හේතුව රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු විසින් පළාතේ ධීවර කාර්මිකයකුට වෙඩි තබා මරා දැමීමේ චෝදනාවකි. රාත්‍රී කාලයේ මුහුදු යාමට සූදානම් වී ත්‍රීරෝද රථවලින් පැමිණෙමින් සිටි ධීවර කාර්මිකයන් කිහිප දෙනකු මාර්ග බාධකයක දී පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ඇතිවූ බව කියන බහින්බස්වීමක් දුරදිග යාමෙන් වෙඩි තැබීම සිදු වූ බව සඳහන්ය. සිද්ධිය වූ අවස්ථාවේ එදා සිටි ප්‍රධානම සාක්ෂිකරුවන් දෙදෙනා ඊට පසුදින අලුයම් කාලයේ පොලීසිය මගින් රැගෙන යාම එම ඝාතනයෙන් කම්පාවට පත්ව සිටි පළාතේ මහජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. අඟුලාන පොලීසිය වටකළ පිරිස් පොලීසියට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ එම සිදුවීමත් සමඟිනි. එයින් පොලිස් ස්ථානයට හානි සිදුවී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
කුමන තත්ත්වයක් යටතේ වුවද මහජනතාව විසින් එසේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීම අනුමත කළ නොහැක. එසේ කිරීමට ඔවුන්ට අයිතියක් නැත. පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් තමන්ට අගතියක්, අසාධාරණයක් සිදුවීම පිළිබඳව මහජනතාව කෝපයට පත්වීම යුක්ති සහගතය. එහෙත් එසේ වූ පමණින් එයින් කැළඹීමට පත්වී ආවේගශීලීව රටේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිවකුටත් අයිතියක් නැත.
මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාවට ද අවබෝධයක් තිබීම අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආගමික නායකයන්ගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් ද අදහස් විමසා නීතියට අනුකූල වන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් කටයුතු කළා නම් තම මියගිය ඥාතියාට සාධාරණය ඉටුකර ගැනීම වඩාත් පහසු විය හැකිව තිබිණි. එහෙත් දැන් සිදුව ඇත්තේ ප්‍රදේශවාසීන් 14 දෙනකු රජයේ දේපළවලට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවීමය. එවැනි තත්ත්වයක් ඇතිවීම තම මියගිය ඥාතියාට සාධාරණය ඉටුකර ගැනීමේ අරමුණුවලට ද බාධාවකි.
පොලීසියට එරෙහිව නීතිය අතට ගෙන කළහකාරී ලෙස හැසිරී කලබල කරන සෑම අවස්ථාවකදීම සිදුවන්නේ පොලීසිය විසින් අදාළ සිද්ධිය යටපත් කිරීමට ගනු ලබන පියවරවලට තල්ලුවක් ලැබීම පමණි. මෙවැනි අවස්ථාවකදී හැඟීම්වලට වහල් වී වැඩේ අලකර ගන්නවාට වඩා අවශ්‍ය වන්නේ බුද්ධිය පාවිච්චි කිරීමය. එසේ කිරීමෙන් පොලිස් නිලධාරියකු හෝ කිහිප දෙනකු අතින් හෝ වරදක් සිදුවී නම් එයට එරෙහිව කරන සටන වඩාත් යුක්ති සහගත කරගත හැක. මහජනතාව සන්සුන්ව කටයුතු කරන්නේ නම් එය අධිකරණයට ද තමන්ගේ රාජකාරි ඉටු කිරීමට මහත් පහසුවක් වන බව අවබෝධ කර ගැනීම අවශ්‍යය.
පොලීසිය ද මාර්ග බාධකවල දී මීට වඩා අවබෝධයකින් ක්‍රියා කළ යුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු. දැන් රටේ යුද්ධයක් නැත. මේ නිසා අනවශ්‍ය ලෙස කලබල වී නිරායුධ පුද්ගලයන්ට එරෙහිව තම රාජකාරි ගිනිඅවි එසවීමට පෙර බුද්ධිය පාවිච්චි කිරීමට අවශ්‍යය. එසේ සබුද්ධික ලෙස කටයුතු කිරීමට නම් පොලිස් නිලධාරීන් ද නිවැරදි සිහිකල්පනාවෙන් සිටීම ඉතාම වැදගත් වෙයි.
අඟුලානේ සිද්ධියේ දී සාක්ෂිකරුවන් පවසා තිබුණේ තමන්ගේ වාහන සහ ඇඟපත පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් බීමතින් සිටි බවත් හිරිහැරවලට එරෙහිව කතා කළ මියගිය පුද්ගලයාට ඉන් පසුව වෙඩි තැබූ බවත්ය. පොලීසිය පවසන්නේ මේ පිරිස ගල්මුල්වලින් දමා ගැසීමට සූදානම් වෙද්දී ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බවය. පොලිස් නිලධාරීන් බීමත්ව සිටියා ද යන්න අපි නොදනිමු. එහෙත් ආයුධ සන්නද්ධව රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ගල්මුල් දමා ගැසීමට සූදානම් වන මිනිසුන් මේ රටේ නම් සිටිය නොහැකි බව අපි දනිමු. අඩුම තරමින් පාතාලයකු හෝ ජාවාරම්කාරයකු හෝ පොලීසිය සමඟ පැටළුණොත් ඔවුන් කරන්නේ පෙරළා වෙඩි තැබීම මිස ගල් ගැසීම නොවේ. මේ නිසා සැකකාර පොලිස් නිලධාරීන්ගේ සමාවට කාරණය රටේ නීතිගරුක කිසිම පුද්ගලයකු නොපිළිගන්නා බවද සඳහන් කිරීම අවශ්‍යය.
මෙහිදී තවත් වැදගත් කරුණක් පෙන්වා දී තිබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් මොරටුව පොලිස් කොට්ඨාසයට අයිති බවත් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය සිදු වූ මාර්ග බාධකය අඟුලාන පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති බවත්ය. තවත් උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණේ පොලීසිය සිදුකළ යුතුව තිබුණේ ජනතාව ආවේගශීලීව කටයුතු කරන මෙවැනි අවස්ථාවක සාක්ෂිකරුවන් උසාවියට පැමිණිය යුතු බව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් පැහැදිලි කරදීම බවය. මින් මතුව හෝ මෙවැනි ආකාරයට පොලීසිය සමඟ ජනතාව ගැටෙන අවස්ථා මගහැර යාමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බව සඳහන් කරමු.
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ
sharm warn Friday, 24 July 2020 06:32 AM
මේකේ කියන අවවාදය හරියට දෙබරයකට ගල් ගහලා දෙබරේ ඉස්සරහ ඉඳගෙන භාවනා කරන්න කියනවා වගේ.
බද්රානි Friday, 24 July 2020 08:50 AM
එතකොට, පොලිස් කාරයා නීතිය අතට අරගෙන ක්‍රියා කර ඇති බව පෙනෙන්නේ නැද්ද? පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී... වෙඩි තබා ඝාතනය කළ හැකි බව සාධාරණය කිරීම හරිද? පොලිසියේ අවනීතියට එරෙහිව, නීතිය ඉටු කර ගැනීමට හැකිද යන්න, වඩා හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඔබට මෙවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදුවේවා යයි ප්‍රාර්ථනා කරමි...!!
sunil Friday, 24 July 2020 11:34 AM
සිය රැකියාවට යන ධීවර කාර්මිකයින් සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග ගෙනයාම වැනි කරුණක් නිසා මිනිසුන්ට වෙඩි තබන පොලිසියක් රටකට අවශ්‍යද? සාක්කි කරුවන් අත්අඩංගුවට ගත්තේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ පොලිසිය බීමත්ව සිටි බව වසන් කිරීමටද? පොලිසිය තමන්ගේ නිල බලය යොදා අනවශ්‍ය පරිදි මිනිසුන්ට හිරිහැර කිරීම නැවැත්විය යුතුයි..
රොෂාන් Friday, 24 July 2020 10:05 PM
අහිංසක ධීවරයෙක් වෙනුවට, ජනමාධ්‍ය කාරයෙක් ඝාතනය කළා නම් අපි, ඒ පොලිස් නිලධාරියාට ගරු කරනවා. දේශපාලකයින්ට වැඳුම් පිදුම් කරන මාධ්‍යයින් තමයි මේ රට විනාශ කලේ. බොරුව මේ රටේ සමාජ ගත කලේ මේ අය තමයි. නූගතුන්ට වෙනත් රැකියාවක් කිරීමට කිසිම සුදුසුකමක් නැහැ.
janahitha Wednesday, 29 July 2020 09:48 AM
බීමතින් සිට රාජකාරි කරන අයට වසර 5 සිර දඬුවම් දිය යුතුය. බොහෝ නිලධාරින් පොලිස් ස්ථානය තුළම බීමතින් සිටිනවා.