IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසූවේ එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දෙන්නේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරංවංශ විසින් අසන   ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

බහුතරයකගේ ඉල්ලීම් අනුව  එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයිතිය  දෙන ලෙස නීති අධ්‍යයන කොමිෂන්  සභාවෙන් ඉල්ලා සිටි බව  කී ඇමැතිවරයා විභාගයට ඉංග්‍රීසි බසින් පමණක් පෙනී සිටිය යුතු බවට සඳහන්  ගැසට් නිවේදනයක්  නිකුත් කර ඇතත් එය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද  සඳහන් කළේය.

තමා කළ ඉල්ලීමට එම සභාවෙන් ලැබෙන ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි

chan Thursday, 10 November 2022 06:47 PM

සියල්ලටම ඉහලින් පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්, එය ආරක්ෂා කලයුතු ආයතන වලින් ආරක්ෂා නොවේ. නීති පනවන තැන්වලින්ද එයට නිසි නීති පැනවීම් නොකෙරේ. තමා කැමති භාෂාවකින් නීති ප්‍රවේහ විභාගයට පෙනී සිටීමට හෝ, තමා කැමති භාෂාවකින් නීතියට හා අධිකරණ තීන්දු වලට හෝ ප්‍රවේහ විය නොහැකිය. එය තිරනය කිරීමට පාර්ලිමේන්තුව වෙනත් ආයතන වලින් විමසිය යුතු නම් එයද උත්තරිතර බව හැල්ලුවට ලක් කිරීමක් නොවේ වේද ? මූලික අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු තැන්ම මූලික අයිතිවාසිකම් වලට වැට ඉඳින්නේද? ගරු නොකරන්නේද/

:       0       0

pakeer Thursday, 10 November 2022 10:24 PM

තව තවත් වලටම පලයල්ලා.යකෝ කොහොමත් තව අවුරුදු 50න් සිංහල භාෂාව නැති වෙනවා

:       0       0

BamunuarachchiSaturday, 12 November 2022 06:12 PM

ඔන්න ගම්මිරිස් හොයාගෙන මෙරටට ආපු හම්බයින් සිංහල භාෂාවට කියන දේ? දවසක් ඒවි...

:       0       0

Demuni Uduwara Friday, 11 November 2022 05:20 AM

'ලින්ක් ' භාෂාව අත්‍යවශ්‍ය වේ! ඇමතිතුමනි, ලෝකෙට දොර වහන්න එපා.

:       0       0

Senaka Friday, 11 November 2022 07:55 AM

ඇති යන්තන් මොලේ පොඩ්ඩක් පෑදිලා තියෙනවා . ලංකාවේ සිංහලයට සිංහලකම තව අවුරුදු කීපයක් හරි තියෙන්නෙ නැතෑ. අනුන්ගේ භාශාවලින් ඉගෙන ගෙන කොරන්න පුලුවන් උන්ගේ වහල්ලු වෙන එක මිසක් තමන් රටක් විදියට නැගිටින එක නෙමේ. එහෙම උන් බලන් ඉන්නෙ වෙන රටක් ඇවිත් අපිව යටත් කරගෙන හරි කන්න දෙනකන්.

:       0       2

ඇ.ර.සොයිසා Friday, 11 November 2022 12:53 PM

කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.. බලන්නකෝ ඔහොම කිව්වාට වෙන්නේ මොකක්ද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site