IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිපති දෙපාර්ථමේන්තුව නීතියට ගරු කරන්නේ නෑ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නඩු දිගින් දිගටම ඉල්ලා අස්කර ගත් බව කී මුජුබුර් රහුමාන් මහතා තමා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විස්තර වාර්තාවක් ඉල්ලූ බවත් දැන් මාස නවයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් එම වාර්තාව ලැබී නැතැයි සඳහන් කළේය.

රටේ ජනතාව නීතියේ සාධාරණත්වය බලාපොරොත්තු වන නීතිපති දෙපාර්තුමේන්තුව මෙලෙස කටයුතු කරනවා උදා වන තත්වය කුමක්දැයි මුජුබුර් රහුමාන් මහතා කීය.

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පමණක් නොව විදේශිකයන් සිටින බවට කතාවක් තිබෙන්නේ යැයිද තේරීම් කාරක සභාවක් පත්කර පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි හඳුනා ගන්න කටයුතු කරන්නැයි ද මුජුබුර් රහුමාන් මහතා ඉල්ලා සිටියේය.



අදහස් (1)

නීතිපති දෙපාර්ථමේන්තුව නීතියට ගරු කරන්නේ නෑ

Saththaya Thursday, 10 November 2022 09:55 PM

මේ රටේ හොර සල්ලි අච්චු ගහපුවා, නිධන් හාරපු ඒවාටත්, වෙච්චි දෙයක් නැතිලු. හැම දෙයක්ම අවුස්සලා ගන්න... ජයවේවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site