IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නත්තල වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

(නිමල කොඩිතුවක්කු)

නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්ත මහතා පැවසීය.

ඒ අනුව නත්තල් උත්සව සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය  08ක් ධාවනයට එක්කරන බවත් සෙනෙවිරත්ත මහතා සඳහන් කළේය.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය  බලා ධාවනය වන විශේෂ දුම්රියක් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියක් ධාවනය සඳහා මෙලෙස එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මෙයට අමතරව සෙසු දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (0)

නත්තල වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site