(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමග වංක සහයෝගයෙන් කටයුතු කරමින් තිලිනි ප්‍රියමාලි සම්බන්ධයෙන් වන සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම අහිමි කර ඇතැයි සඳහන් කරමින් නීතිඥයින් පිරිසක් ඊයේ (08) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකාවගේ ප්‍රකාශ ලබාගෙන පැය කිහිපයක් ඇතුළත විද්‍යුත් හා මුද්‍රිත අන්තර්ජාල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල එම ප්‍රකාශවල සඳහන් අතිශය සංවේදී සහ රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධියේ පළ වීම දිගින් දිගටම සිදුවන බවද එම නීතිඥයින් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා හඬ පට හා වීඩියෝ දර්ශන පවා මෙලෙසින් සමාජ මාධ්‍යයට මෙන්ම මාර්ගයට යොමු වීම සිදුකර ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් හිම පැමිණිල්ලේ සඳහන්ව ඇත .
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන මෙම ක්‍රියාව පිළිබඳව කඩිනමින් සොයා බලා විමර්ශනයක් ආරම්භ කරන ලෙසටද එම පැමිණිල්ලෙන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ .
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥ පිරිසකගෙන් මානව කොමිසමට පැමිණිල්ලක්
Sisira Tuesday, 08 November 2022 08:06 PM
තවත් හොරු රැළක්...
ravin Tuesday, 08 November 2022 08:33 PM
අනේ අනේ නීති විශාරදයින්ට නොතේරෙන හැටි. එහෙම කළොත් තමා යටින් හැංගිලා ඉන්න අයවලුන්ට බේරෙන්න පුළුවන්.
චන්දන Tuesday, 08 November 2022 09:56 PM
තිළිණි නිවැරදි කරුවන් බවට පත් කරන්න දරන උත්සාහ හෙලා දකිමු .
Sk Wednesday, 09 November 2022 05:21 AM
හොරුන් වෙනුවෙන් පෙනීසිටින තවත් කණ්ඩායමක්
Bamunuarachchi Wednesday, 09 November 2022 06:49 AM
මේ හදන්නේ තිලිනි ප්‍රියමාලි හොරාකාපු සල්ලි හොරකන්න.
sharm warn Wednesday, 09 November 2022 10:54 AM
මට නම් මේ ආණ්ඩුව මුල පටන්ම සැකයි.1.මෙහෙමත් රැවටෙන මෝඩයෝද මේ රටේ ඉන්න ලොකු ධනපතියන් කියන්නේ.2.මේ කාන්තාවට දුන්න මුදල් අයතා ලෙස උපයපු මුදල්ද?3.සාධාරණව උපයන ලද මුදල් නම් මෙහෙම ගෙවල් වල ගොඩ ගහගෙන හිටියේ කොහොමද ?4.මේනීතිඥයන් ඇත්තටම පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් ද ධන බලය වෙනුවෙන්ද?5.මේ කාන්තාව මෙච්චාර හරියක් කරනකල් කිසිම බලධරයෙක් දැනගෙන උන්නේ නැද්ද/තව හිතුවොත් තව ප්‍රශ්න ඔලුවට එයි
Sriyan Lanka Wednesday, 09 November 2022 11:05 AM
කෝටි ගානක් දෙන්න පොරොන්දු වෙන්න ඇති. අද හෙටම දනුශ්ක නිදහස් කරන්න කියලත් පෙලපාලි සංවිධානය කරාවි - හොඳ ගණනක් පොරොන්දු උනාට පස්සේ ...!