(රන්ජන් කටුගම්පොළ)
ගාලු මුව දොර අරගලයේ පැවති සමයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට එරෙහිව කොටුව අසල විරෝධතාවයක් සිදුකළ නීතිඥවරුන් පිරිසක්හට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් එකොළොස් දෙනෙකු ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කෙරිණි.
නීතිඥ මනෝජා ගුණවර්ධන මහත්මියගෙ උපදෙස් පරිදි නීතිඥ චන්ද්‍රනාත් නාරන්ගොඩ මහතා ඇතුළු නීතිඥවරුන් එකොළොස් දෙනෙක් විසින් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් හැටියට හමුදාපති, පොලිස්පති, ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති
ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනයේදී පෙත්සම්කාර නීතිඥවරුන් එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සිදුකළ විරෝධතාවයට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරින් බාධා කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත
තමන්ට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ලබා දෙන ලෙසද මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සම්කාර නීතිඥවරු සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති
පෙත්සම්කාර නීතිඥවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා, සාලිය පීරිස් ඇතුළු පිරිසක් පෙනී සිටිති
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥවරුන් පිරිසකට පොලිසියේ - හමුදාවේ කණගාටුව
රංබොඩ Monday, 11 December 2023 07:55 PM
අපේ ගමේ පොලී මුදලාලිිත් කළුකෝට් බෑය දාගෙන ගම පුරා පොලී එකතු කරනවා. හරි ආඩම්බරයි.
Perera Monday, 11 December 2023 11:27 PM
හමුදාවල් පොලිසිය නීතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා .නඩු දැම්මම කනගාටුව ප්‍රකාශ කරනවා .නැවතත් නීතිය උල්ලංඝනය කරනවා ,රටේ ජනතාව හැමදාම වින්දිතයින්
Bamunuarachchi Tuesday, 12 December 2023 07:29 AM
ඒ මොකද ඒ අනුකම්පාව? හිතාගන්න බැහැ.