(නිමල් ජයරත්න)
පොළොන්නරුව අධිකරණ අංක දෙකෙහි නඩු වාර්තා 12 ක් හා රියදුරු බලපත්ර 13 සහිත ගොනුවක් සොරකම් කිරීමට සැකපිට අම්පාර කොට්ඨාසයේ මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් පොළොන්නරුව පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කටයුතු කරන වකවානුවේ, පොළොන්නරුව අධිකරණ අංක දෙකෙහි උසාවි නිලධාරියා වශයෙන් රාජකාරී නිරතව සිටියදි 2025.04.25 දින අධිකරණයේ තිබූ නඩු වාර්තා 12 ක් හා රියදුරු බලපත්ර 13 ක් සහිත ගොනුවක් සොරකම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය තුවාරගල ප්රදේශයේ පදිංචි අවුරුදු 48 ක් වයසති අයෙකු බවද පොලිසිය කියයි.
ඔහු මේ වන විට අම්පාර මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (30) පොළොන්නරුව මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd