IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නඩුත් නෑ : සාක්කිත් නෑ

ජංගම දුරකතනයක් සොරකම් කළැයි කියන පුද්ගලයකු නඩු නැතිව මාස 20ක් රිමාන්ඩ් භාරයේ සිටියදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මුදා හරිනු ලැබීය.

රුපියල් 2500ක් වටිනා ජංගම දුරකතනය සොරකම් කළැයි පොලිසිය පැවසුවත් දුරකතනය ද සොයාගෙන නැත.

චෝදනා ඉදිරිපත් කිරීමට ද නොහැකි වී ඇත.

සාක්කිද ඉදිරිපත් කර නැත.

මේ සිද්ධිය ගැන මවිතය පළකළ මහේස්ත්‍රාත්වරයා සැකකාර මොහොමඩ් ලතීර් මොහොමඩ් නියාස් මුදාහළේය.

 



අදහස් (0)

නඩුත් නෑ : සාක්කිත් නෑ

අස්මිත් Monday, 08 July 2013 10:06 AM

හුගක්ම ලංකාවේ අහන්න වෙන්නේ මේ වගේ අරුම සිද්ධීන් තමයි.මාස 20 ඉන්න තරමට පොලිසියේ කෑම බීම හොද ඇති. මොකද එයාගේ පවුලේ උදවිය ලවා එයට සාදාරනයක් ඉෂ්ට කරගන්න තිබිය නොහැකිද? මෙයාට ලැබිය යුතු වන්දිය පැමිණිලි පාර්ශවය ගෙවිය යුතුයි! (නි)

:       0       0

ජෝය් Monday, 08 July 2013 11:05 AM

මේ මනුස්සයා මේක නිකන් අත හරින්නේ නැතිව මානව හිමිකන් නඩුවක් දමන්න.(නදී)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 05:33 PM

මේ කතා කරන්නේ ලංකාවේ පොලිසිය ගැනද අම්මපා? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 08 July 2013 02:32 AM

වග කිව යුත්තන්ට දඬුවම් කල යුතුයි . කෝ මානව අයිතිවාසිකම් ගැන කතා කරලා විදේශ වලින් සල්ලි හම්බ කරන උදවිය? පොලිසිය ජාම බේරා ගන්න අහිංසකයෝ බයිට් එකට ගන්නවා.(නදී)

:       0       0

ශ්‍රීලාල් Monday, 08 July 2013 03:36 AM

සාක්කිත් නැතිනම් නඩු භාණ්ඩත් නෙතිනම් මෙයාව මාස විස්සක් හිරේ තියාගෙන හිටියේ ඇයි? ඒ කාලය තුල එයාට බන්ධනාගාරයෙන් වියදම් වුනු මුදල් මහා ජනයා නේද ගෙවන්නේ? හොරු කවුද කියල මහජනයා තමයි තීරණය කරන්න ඕනේ.(නදී)

:       0       0

ආයත් Sunday, 07 July 2013 06:12 PM

නඩුවක් නැතුව මාස 20ක් හිර කරගෙන හිටියේ ඇයි? (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Monday, 08 July 2013 04:32 AM

යුම් පුද්ගලයෙක් සොරකම් කලානම් සාක්කි තිබිය යුතුයි.

:       0       0

චන්දා Sunday, 07 July 2013 06:26 PM

මේ සිද්ධිය ගැන මවිතය විතරක් පළකිරීම ප්‍රමාණවත් ද? (නි)

:       0       0

ලුමිබිණි Monday, 08 July 2013 05:52 AM

මේ වගේ අය තවත් රිමාන්ඩ් බාරේ ඉන්න පුළුවන්. ඇත්තටම මේ අය වෙනු වෙන් වන්දි ගෙවීමක් කල යුතුයි. (නදී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 07 July 2013 06:28 PM

මලේ , අපි කාට කියන්නද ? අපි පොඩි මිනිස්සුනේ (නි)

:       0       0

අසේල Monday, 08 July 2013 07:01 AM

මිනි මැරුවා නම් විනාඩි 5 න් එළියේ, රුපියල් 2500 ෆෝන් හොරකමට මාස 20ක් හිරේ??? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 07:09 AM

චන්ද්‍රා , කට කට. ලංකාවට ගියාම එයාර්පෝර්ට් එකේ ඉඳලා සුදු පාට වාහනයකින් නොමිලේම ට්‍රාන්ස්පෝට් එක හම්බවෙයි ඔන්න (නි)

:       0       0

කුමාර Sunday, 07 July 2013 06:58 PM

මොහුට වී ඇති අපහාසයට අලාභය ගෙවිය යුතුයි (නි)

:       0       0

අමිල කටුනායක Monday, 08 July 2013 07:58 AM

මෙච්චර කල් නඩුව කතා කළේ නැද්ද? (නි)

:       0       0

අමාලි සිල්වා Sunday, 07 July 2013 07:40 PM

මේ මනුස්සයට සිදු අසාධාරනය වෙනුවෙන් කවුද වග කියන්නේ? සාක්කිත් නැතුව නඩුත් නැතුව මාස විස්සක් රිමාන්ඩ් බාරයේ සිටියාට... සාක්කි සමග නඩු තිබෙන අය එළියේ කකා බිබී නටනවා. මොකද එයාලට බලය සහ මුදල්. නැති එකාට මුකුත් නැහැ. දෙයියෝ සාක්කි මේවට ! (නි)

:       0       0

මොහමඩ් Sunday, 07 July 2013 08:32 PM

ලංකාවේ පොලිසිය නෙමෙයි දැන් කියන්න වෙන්නේ, පොල් සීය කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site