IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නොටින්හැම් බලා ගිය වෙසඟේ ආසිරි

ලන්ඩන් නුවර සිට සැතපුම් 130ක් පමණ උතුරු දෙසින් පිහිටි නොටින්හැම් නගරයේ මෑතදී ආරම්භ කරන ලද ශාන්ති බෞද්ධ විහාරය එහි මුල්ම ථේරවාදීබෞද්ධ මධ්‍යස්ථානයයි. තෙල්දෙණියේ අමිත හිමියන්ගේ අප්‍රහිත උත්සාහයෙන් සහ නොටින්හැම් නගරය අවට ජීවත්වන බෞද්ධයන්ගේ ඉල්ලීමෙන් ආරම්භ කළ ශාන්ති විහාරය ඉතා ටික කාලයකින් සැලකිය යුතු ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වී ඇත.

නොටින්හැම් නගරයේ එතරම් ශ්‍රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් ජීවත් නොවුනත් ඒ අවට පිහිටි ශෙෆිල්ඩ්, මන්ස්ෆිල්ඩ්, ග්‍රන්තම්, ලින්කන් සහ ඩාර්බි වැනි නගරවල ජීවත්වන ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධයන් හටද මෙම විහාරස්ථානය වන්දනා මාන සිදුකරගැනීම සඳහා උපයෝගී කරගත හැකි වටිනා මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත.

එදිනදරුවෝද ,දෙමව්පියෝද බොහෝ දෙනෙක් අටසිල් සමාදන් වුහ.

ඔවුහු සියලුදෙනාටම දවස පුරාම බණ භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගීවීමට අවස්ථාව සකසා තිබුණි.

මහා සංඝ රත්නයට සහ සිල් සමාදන් වුවන්ට උදය හීල් දානය සහ අනෙකුත් සැදැහැවතුන්ට උදැසන ආහාරයද සපයන ලද්දේ අසංක දෙවකුමාරසිරි විසිනි.

ආචාර්ය ටෝනි ෆ්ලෙචර් බෞද්ධ ඉතිහාසය විස්තරකළ අගනා දේශනයක් පැවැත්විය. නැගෙනහිර ලන්ඩන් බෞද්ධ විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමියෝ වෙසක් තෙමඟුලෙහි අර්ථාන්විත භාවය විස්තරකර දුන් ධර්මදේශනයක්  පැවැත්වුහ.

ශාන්ති බෞද්ධ විහාරයේ ආරම්භය සහ මෙතුවක් කල් ඉටුකර ඇති වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරියේදී ඉටුකිරීම සඳහා සැලසුම් කර ඇති වැඩ පිළිබඳවත් කරුණු විස්තර කරමින් කතාවක් කළ ප්‍රියන්ත ජයසුන්දර මහතා විහාරයේ පැවැත්ම සඳහා ඇත හිත දෙන සහ වන්දනා මාන සඳහා නිරතුරුව සහභාගීවන සියලුම දෙනාට ස්තුතිය පුදකර සිටියේය.පිංකම අවසාන කරන ලද්දේ භක්තිගීත සංදර්ශනයකින් සහ වෙසක් දන්සලකිනි.

පිංකම පැවැත්වූ ශාලාවත් ශාන්ති විහාරස්ථානයත් විවිධ වර්ගයේ වර්ණවත් වෙසක් පහන් කුඩු  සහ බෞද්ධ කොඩි වලින් ඉතාමත් අලංකාර අන්දමට සරසා තිබුණි.

 

 



අදහස් (0)

නොටින්හැම් බලා ගිය වෙසඟේ ආසිරි

චූලාත් Thursday, 30 May 2013 01:56 PM

ඔබ සියලු දෙනාටම බුදු සරණින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! සාදු සාදු සාදු (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 30 May 2013 03:53 PM

නීල් ගේ කතාව සම්පුර්ණ ඇත්ත . මෙම කාර්ය බාරය ඉටු කල සියලු දෙනාට බුදු සරණයි. දෙවිපිහිට ලැබේවා.(ස)

:       0       0

නන්දන Thursday, 30 May 2013 03:55 PM

වැඩේ නම් හොදයි

:       0       0

නීල් Thursday, 30 May 2013 01:05 PM

හාමුදුරුවෝ යායුත්තේ බෞද්ධයන් බහුලව සිටින සැපපහසු ස්ථානවලට නොව මෙවන් තැන්වලටයි. බුදුදහමෙහි සැබෑ හරය මත පදනම් වූ ධර්මදූත සේවාවකින් අබෞද්ධයින්වත් (ආගම බෞද්ධ නොවුනට බුද්ධිමත් හොඳ සැබෑ බෞද්ධයින් යුරෝපයේ සිටිනවා) පන්සල වටා රැස්කර ගැනීමයි බුද්ධ පුත්‍රයෙක් සතුවිය යුතු දක්ෂකමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site