
(සුජිත් හේවාජුලිගේ)
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙවැනි වාර්තා සහ පොත්පත් යනාදිය සුරක්ෂිතව තැබීමට එහි ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන යොදා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීම පිළිබඳ ප්‍රාරම්භක වාර්තාවද දෙපාර්තමේන්තු ප්‍රධානියා අනුමත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පොතින් අස් කිරීමේ සෑම නියෝගයකම පිටපතක් විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද කුරු නගුල හා තැටි නගුල පොතින් අස් කිරීමට අදාල නියෝගයේ පිටපත් විගණකාධිපතිවරයාට යොමු කර නොතිබූ බව එහි සඳහන් වේ.
මල් වගා පර්යේෂණ සංවර්ධන අංශය සුවහසක් මල් සංගම් වෙත බෙදා දීම වෙනුවෙන් මිලදීගෙන තිබූ පොලිතින් බෑග් හත්දාහක හිඟයක් පැවතුණ බවද වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන්
Lankabarana Wednesday, 25 June 2025 05:01 AM
මල්වගා පර්යෙෂන හා සංවර්ධන අංශය මී මැස්සන්ට පැණි බීමට හැකි මල්වර්ග සංවර්ධනය කරනවානම් ලංකාවෙ වගාවන්හි අස්වැන්නත් වැඩිකර ගැනීමට රුකුලක් වේවි එහෙම නැතුව ඇන්තූරියම් වැනි සුවදක් නැති මල් වර්ග පමනක්ප්‍රවර්ධනය කලොත් එම වගාවන් නිසා කාලයක් යනවිට මීමැස්සො වැනි සත්ව ජාති වදවීගොස් අවුරුදු කීපයකින් මිනිස් ප්‍රජාවත් පෘථිවියෙන් වදවී යාවි විගණනයෙන් එහෙම අදහස් ඉදිරිපත් වෙන්නෙ නැතෙයි