(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන පිළිබදව ජනතාවගේ විශ්වාසය කඩ වී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ ම වැරදි නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇතැම් නිලධාරීන් කරන වැරදි නිසා බැණුම් ඇසීමට සිදුව ඇත්තේ දේශපාලනඥයින්ට බව ද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන අධිකාරියේ මානව සම්පත් කළමණාකරණ අංශයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 : 2015 තත්ත්ව සහතිකය පිරිනැමීම නිමිත්තෙන් පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතන මහජන හිතවාදී තත්ත්වයට පත් කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා තත්ත්ව සම්මාන දිනා ගැනීමෙන් පසු අදාල ප්‍රමිතිය පවත්වාගෙන යාම සඳහා ආයතනයේ සියලුම පාර්ශවයන් කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි ද අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාගරික සංවර්ධන අධිකාරියට ප්‍රමිති සහතිකයක්
Sunil Tuesday, 28 February 2023 10:56 AM
ඔබතුමන්ලාගේ පාලන සමයේදී රාජ්‍ය ආයතන සියල්ලම පාහේ නැවත ගොඩ ගන්න බැරි ආකාරටම කඩා වැටුනා
swe4ne Tuesday, 28 February 2023 04:06 PM
"ඇතැම් " වෙනුවට "මා ද ඇතුළුව ඇතැම් " ආදේශ කරමුද?
samarasekara- gampaha Tuesday, 28 February 2023 07:11 PM
ඇතැම් දේශපාලකයින් කියන්නේ නැතිව ඔයාගේ නම කියාගන්න... කප්පම් අරගෙන අහුවෙලා ,මිලියන ගාණක දඩත් කාලා, උසාවියෙන් ඇඟබැඳලා ඉන්න, කවදාවත් නාලා නැති, හඩු ගඳගහන හොරුන්...