IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාගපට්ටිනම්-ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූලි මාසයේ සිදුකළ ඉන්දියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ වන බව නිවේදනය කළේය.

බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා ඉන්දීය නැව් සමාගම 150 කට ගමන් කර හැකි අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට නියමිතව ඇත.නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර දුර නාවික සැතපුම් 60 ක පමණ දුරක් තිබෙන බවත් එම ගමන සඳහා පැය 3 ක 4 ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.



අදහස් (3)

නාගපට්ටිනම්-ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක්

Indika Friday, 22 September 2023 02:27 PM

අන්න වැඩේ ඉන්දියාවම මෙහෙ ඉදී .කුලී වැඩක් කරන ඉන්න මිනිසුන්ට වැලේ වැල් නැති වෙයි .මුන් ඇවිත් සොච්චමට වැඩ කරාම

:       4       9

siri Friday, 22 September 2023 02:42 PM

ඉස්සරනම් ඉන්දියාවෙ මිනිස්සු ලංකාවට හොරෙන් පැන්නේ. දැන් ඒකෙ අනිත් පැත්ත.

:       1       7

චන්දන Friday, 22 September 2023 03:20 PM

කේජී ගේන්න හොඳ ක්‍රමයක්.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site