IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නැගෙනහිර සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

 විදෙස් සංචාරක ආකර්ශනයට නතුවන අකාරයට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාල උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ “ඔබට ගෙයක් - රටට හෙටක්”  නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

 ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි  ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

 



අදහස් (5)

නැගෙනහිර සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

Rata Perata Sunday, 03 September 2023 12:25 PM

මෙයාගේ උපදෙස් අරගෙන වැසිකිළියක්වත් හදන්න බෑ. අවුරුදු 40ක් පොල් ගාලා තවත් උපදෙස් දිදී ඉන්නවා.

:       2       5

ගමේ එකාලා Sunday, 03 September 2023 02:58 PM

පින් ජනපතියා කමිටු පත්කරනවා.. උපදෙස් දෙනවා හැරෙන්න වැඩක් කරන පාටක් නැහැ. ඒ මදිවාට කප්පම් කාරයත් වැඩ පෙන්වලා, ජනතාව අන්දවනවා වගේ...?

:       2       5

පැරකුම් Sunday, 03 September 2023 09:17 PM

ඔහොම යං... ඔහොම යං... සුළු ජාතික ඡන්දවලින්වත් දිනන්න බලමු. මහ ජාතියේ ඡන්ද නම් කීයටවත් ලැබෙන්නේ නැතිබව දන්නවානේ...

:       2       5

mddd Monday, 04 September 2023 06:25 AM

බුද්ධි නිලධාරින්ට නීතිය විහිළුවට ගන්න ඉඩ දුන්නාට හෙණ ගහන්න ඕනෑ...

:       0       1

Bamunuarachchi Monday, 04 September 2023 05:09 PM

ලොක්කා 13 දෙන්න හදන්නේ උතුර, නැගෙනහිර සංවර්දනය කරලා. ලොක්කා හදපු ISGA ගිවිසුමේ අවසානෙට කියැවෙනවා... දෙමළාට උතුර, නැගෙනහිර දීලා එහි පැවැත්මට අපේ බජට් එකෙන් මුදල් වෙන්කරන බව. ගූගල් කරලා කියවන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site