නැගෙනහිර පළාතේ නිවාඩු ලබා ගොස් සිටින පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වහා යළි සේවයට කැඳවන ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ජාතික ප්‍රජා පොලිස් දිනය වෙනුවෙන් මාතරදී පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සමගාමීව අද සිට මාසයක් යන තුරු සියලුම පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් දිනය සැමරිය යුතු බව පොලිස්පතිවරයා පසුගිය 12 වැනිදා උපදෙස් ලබා දී ඇති නිසා පෙර සඳහන් කළ සියලු උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර යළි කැඳවන ලෙස එදිරිසිංහ මහතා දැනුම් දී තිබේ.
නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු කීවේ මෙවැනි කටයුත්තකට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම අසාධාරණ බවයි. ප්‍රජා පොලිස් දිනය සෑම කොට්ඨාසයකම උත්සවාකාරයෙන් සැමරූ පමණින් සාමාන්‍ය ජනතාව හා පොලිසිය අතර සහයෝගය ගොඩ නැගෙන්නේ නැති බවත්, එලෙස සහයෝගය ගොඩ නැගීමට නම් පොලිසියෙන් වෙන වැරදි නැවැත්වීමට පොලිස් නිලධාරීන් දැනුම් වත් කළ යුතු බවත්, ජනතාව අතර පොලිසිය කෙරෙහි විශ්වාසය ගොඩ නැගිය යුතු බවත් එම නිලධාරියා කීවේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නැගෙනහිර උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා
බමුණු Sunday, 30 October 2016 05:25 AM
මේගොල්ලන්ගේ හිතේ පොලිස් දිනය සැමරිමෙන් ජනතාව හා පොලිසිය අතර සහයෝගය ගොඩ නැගෙනවා කියල. (බ)
සෑම් Sunday, 30 October 2016 05:55 AM
කට්ටිය මාසයක් පොලිස් ප්‍රජා දිනය සමරන එකෙන් ‘සොර සතුරු ප්‍රජාවට‘ තම කටයුතු නිදැල්ලේ කරගන්න ඉඩ ලැබෙන පාටයි (බ)